
ඒක තමයි මම කීවේ මේවට වග කියන්නෙ ඕන අපි මයි
කියල. මේකට තමයි කියන්නේ “අහක යන නයි
රෙද්ද අස්සේ දාගෙනව කියල” කියන්නේ. අපේ
දරුවන් පාසැල් යනකොට වගේම වැඩිහිටි බාල මහළු කවුරු උනත් තමන්ගෙ නිවසින් එලියට
යනකොට නිසි සැලසුමක් ඇතිව පිටවෙලා යනවනම්. අපි යන ගමන කල් තියාම සැලසුම් කරල ගමනට
අවශ්‍ය කැම බිම අපට අවශ්‍ය ප්‍රමානයට වසවිස නැතිව සකස්කර ගෙන යනවනම් අපට මේ කූට
වෙළෙන්දොන්ගෙ සටකපට කම්වලට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර ගන්නේ නැතිව
අපිරිසිදු වසවිස සහිත ආහාර වලින් වැලකිලා එන්න පුළුවන්.
කූඨ අසමජ්ජාති අමන වෙළෙන්දො වගේම තවත් එවුන්
උන්ගේ උදවුවෙන් සමාජයට වස විස කෑම වගේම වද බෙහෙත් මිශ්‍රකරපු කැම වර්ග විකුනන බව
යම් යම් අවස්ථාවල ප්‍රචාරය වෙනව අපි දැකල තියෙනව. මේවයේ ඇති සත්‍ය අසත්‍ය තාවය
ගැන අපට සහතිකයක් නැති වා වගේම මේවගේ දේවල් නොවුනා නොවෙනවා කියල සහතිකයක් ඇත්තෙත්
නැහැ. අපේ ජිවිත වටින්නේ අපට අපි නිවසින්
බැහැර වෙනකොට දැරවන් පාසැල් යවන කොට අපි අපේ දෛනික රාකාරිවලට පිටව යනකොට කැම බිම
ගන්න විශ්වාස වන්ත තැනක් හොයා ගන්න එක කර ගන්න
බැරිනම් අපි ගෙදරින් පිට වෙකොට අපට අවශ්‍ය දේ ගෙදරින් ගෙන යෑම අපේ සරීර සෞඛ්‍යට
යහපත් වෙන බව සිහියට ගත යුතු කාරනාවක්.
වසවිස වද කෑම විකුනනව කියල අපි කෑගැහුවට
වැඩක් නෑ එව අපි දෛනිකව ගන්නව නම්. අපි අපේ උපරිම උත්සාහය දාලා කූට වෙළෙන්දොන්ගේ
වස විස ආහාර නොගෙන හිටියනම් උන් අපට ඒව බලෙන් දෙන්නේ නැහැනේ.දරුවන්ට අවශ්‍ය දේ
බැගයට දාල තිබ්බ නම් එයාට පොකට් මනි දෙන්න අවශ්‍ය නැහැ.දැං කල්පනා කරාවි අපේ තියෙන
වැඩත් එක්ක කොහොමද මේව කරන්නේ කියල. නමුත් දැන් තියෙන තත්වෙත් එක්ක එහෙම කරන්
වෙනව.පහුගිය කාලේ ත්‍රස්තයො අපේ රට වනසනකොට යස අගේට අපේ අම්මල තාත්තල පාසැලේ
අරක්ෂාවට ඉදිරපත් වෙලා පාසැල් රැකගන්න කරපු කැපවිම අමතක නැතව ඇති. එහෙනම් අපි
මේකටත් එහෙමම කැපවීමක් කරමු නේද? හිත ඇත්නම් පත කුඩාද දරුවන්ගේ අවශ්‍ය දේ ගමන්
බෑගයට දමන්නන.පොකට් මනි සිමා කරන්න දිපු මනිය ගැනත් පසු විපරමක් කරන්න.ඉතුරු
තියෙනවනම් ආපහු ඉල්ල ගන්න.දිපු දේට අමතරව ගත්ත ආහාර ගැන ඒව ලැබුනේ කොහොමද කියල
හොයන්න.ඒක සැර වැරකරල හොයන්න බැහැ පොඩි ගොම් පාට් එකක් දාල ඒව එලියට ගනන් වැඩි
හිටියො දැනගන්න ඕන.නැත්නං මේ පොඩිහිටියො
අපිව වටේ අරිනව හරිම ලේසියට.
රට තොතට ගැන විපරමින් අවදියෙන් ඉන්න ඈයො දන්නව ඇති.
- නැවේ කප්පිත්තා -
මේ ලඟදි මන් දැක්කා ඉස්කෝලෙක කැන්ටිමේ තිබිලා තියෙනවා අධි සාන්ද්‍රණ සිනි වගයක් ..
ReplyDeleteඅධි සාන්ද්‍ර සීනි විතතරක් නොවේ ඊටත වඩා වස විස පාසැල් දරුවනට විකුනන අමනයන් ඔන තරම් ඉන්නාවා......
Delete+++++++++++++++++++++++
ReplyDeleteThis comment has been removed by the author.
Delete