ලොකු මාමත් හොදම හොදයි.
සතුට පිරී දොරේ ගලයි.
නිවාඩුවත් දැන් ඉවරයි.
ආයිත් ඒ කාලෙ එන්නේ
කාර්තුවක් ඉවර වෙලයි.
කරත්තෙ බැදි ගොනුන්න වගේ
පොත් බෑගය කරේ බැදන්
පුංචි එවුන් ඉගෙන ගනියි.
නිදහස නෑ පෙරදි වගේ
ඇලේ දොලේ ජබුං ගහල
පිනන්නට නැ වරයක්
දෙමවු පියන් වැටක් බදියි
පොත් අරගෙන කියවන්නට
අතේ ඇඟිලි හුරු වෙන්නට
මඩ මිරිකා ගාගන්නට.
මුන් එනකං බලන් ඉන්න
කාවයියන් හොර උඩ්ඩන්
මගුරො හුංගො ලූලො පැටවු
බුලත් හපයො හඳුන ගන්න
දෙන්නේ නෑනෙ අවසරයක්.
දෙමවු පියන් නොමැති දාක
කන්න දෙයක් නොමැති විටක.
ගහක කොලක තියෙන දෙයක්
කාල බීල සැනසෙන්නට
කාල මුන්ට හුරු වෙන්නට....
දෙන්නේ නෑනෙ අවසරයක්.
චූන් පාන් රෝල් වඩේ.
නැති වුනොතින් කාසි අතේ
කුසගින්නේ ඉන්න වේවි.
සොබා සිරිය තියෙන රටේ.
ගහේ කොලේ හැදෙන දෙයක්
හදුනන්නේ නොමැති කලට
අනේ අපොයි පුංචි එවුන්.
අනේ අපොයි රොබෝ පැටවු............
නැවේ හීං එකා සංදියෙ විදපු සොබා සිරිය දැං
පැටවුන්ට නොමැති විම ගැන නැවේගේ බලවත් සාංකාව මත කරන ලද පැදි පෙලකි. මහ වුන් මේ
සම්බන්ධව උරණ නොවී එයාලගෙ පුංච් වයසට නැවත යන ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමි.එදා වගේ
ඇල දොල පිරිසිදු නැතුවා වගේම ඩෙංගුවොත් හිටියේ නැති නිසා නැවේ තාමත් යහතින්.
නැවේ කප්පිත්තා
නැවේ කප්පිත්තා
දිගක් නොමැති නිවාඩුවයි
ReplyDeleteපාඩම් වැඩ කරට උසයි
පන්ති වැඩත් ගොඩක් තියෙයි
ළමා කාලෙ අනේ අපොයි...
දුමි අාපු ඒක සතුටුයි.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා... මාමාලට හරි කරදර වගේ...
ReplyDeleteනව වසර ජය ම වේවා !!!
ReplyDeleteමාමලාට කිරි එරෙනව කියල කතවක් අහල නැද්ද ?
වැඩක් නෑ ඒ ගැන නම් කතා කරල
ReplyDeleteමද්ද රස්තියාදුවක් ගහන්න ගියේ නැත.
Deleteලබන නිවාඩුවට වත් යමු අපේ රස්තියාදු කාරයොත් එක්ක රවුමක්.
Deleteඅදහස නම් හොදයි බලමු....................
Deleteකැප්ටන් සෑර් අයෙමත් නැව ඉස්ටාට් කොරපු එකට බොහෝත් තැන්කිව් වේවා!
ReplyDeleteටැට්ටර් නං ඉතින් බැස්ටිය චාජ් කෙරුවා සැලිස්ටාඩ් ගැහුවා, නැව්වල ඉතින් වෙන වෙන සීන් නේ , නැද්ද?
මොන කෙරුමෙන් හරි හිච්චි එකා කාලේට ගෙනිච්චි එකට බෝම තැන්කිව්.
ඒ කාලේ ඉස්කෝලේ ගිහිං ආවා, බඩ්ඩිංගක් ගිල්ලා, සරම දා ගත්තා කෙලිම්ම MCC ග්රවුන්ඩ් එකේ බෝල ගැහිල්ලට.
අපේ MCC එකේ එක පැත්තක රේල් පාර අනිත් පැත්තේ මාදු ගඟ. සුද්දාගේ නීතියට අනුව ගඟට ගහපු එකා අවුට්. (කවුරුත් ඔය නිතිය දන්නේ නැහැ, මොකද ලොකු ලොකු පිට්ටනි තියෙන්නේ රට මැදනේ..) හැබැයි එතකොට එක ෆීල්ඩර් කෙනෙක් වැඩියි, ඒකා ඔරුවක් තියාගෙන ගඟේ ඉන්නේ. කොහොමද ඒක ..
හැබැයි මලේ, පොසොන් කාලෙට නෝ 'බෝල් ගැහිලි', මොකෝ .. අපිට සරුංගල් කෙළි තියෙනවා.
කොහොමින් කොහොම හරි, නැව ආපු එක නං ජොලි ඈ ..
හැට්ටර් මල්ලි පහුගිය දොහේ කුනාටු වැඩි නිසා මුහුදු ගමන් අනතුරු දායකය කියල කාල ගුනය පයින්ඩයක් එපාපු නිසා නැව රෙපෙයාර් කරා කැඩිච්ච් රුවල් මහල ඩිංග ඩිංග කරිජ්ජ කාන්දුවෙච්ච් තැන් නුල් ගහල තාර ඩිංගක් දාල හදා ගත්ත.ඉතං මේපැත්තේ ආවට හැටිටර් මලයට ස්තූතියි වාසේ දේසෙ එහමෙ කොහොමෙයි.
Deleteගමේ කමටයි කැප්ටන් කමටයි දෙකටම සලකල පෝස්ට් ඔක්කොම එක දිගට කියෝගෙන ගියා.. :)) කාලෙකට කලින් රන්වන් මකරාගේ පොස්ට් එකකින් පාර හොයාගෙන ඇවිත් ගියාට බ්ලොග් රෝල්ට එදා දා ගන්න බැරි වෙච්චි එකෙන් මේක මට මිස් වෙලා තිබ්බේ.. කෝ ඉතීම් කැප්ටන් මුහුදු කතා එකක්වත් ලියල නෑ නෙව..
ReplyDeleteකල්යාන මිත්ර ඔබේ පැමිනිම මට ඉමහත් සතුටක් මේ කාල සීමාවේ අධික රාජකාරි කටයුතු නිසා බොලොගිය පැත්තට එන්න බැරි උනා කථා නම් එමටයි.මේව ලියාගන්න කාලය හොයා ගැනීම ගැටළුවක්වෙලා තියෙන්නේ
Deleteඅම්මප බොට මක්කයි වෙලා තියෙන්නේ බොල
ReplyDeleteMyself Hattor
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete