Tuesday, January 2, 2018

නිවාඩුව ඉවරයි.

පුංචි එවුන් හරිම හොදයි.
ලොකු මාමත් හොදම හොදයි.
සතුට පිරී දොරේ ගලයි.
නිවාඩුවත් දැන් ඉවරයි.
ආයිත් ඒ කාලෙ එන්නේ
කාර්තුවක් ඉවර වෙලයි.

කරත්තෙ බැදි ගොනුන්න වගේ
පොත් බෑගය කරේ බැදන්
පුංචි එවුන් ඉගෙන ගනියි.
නිදහස නෑ පෙරදි වගේ
ඇලේ දොලේ ජබුං ගහල
පිනන්නට නැ වරයක්

දෙමවු පියන් වැටක් බදියි
පොත් අරගෙන කියවන්නට
අතේ ඇඟිලි හුරු වෙන්නට
මඩ මිරිකා ගාගන්නට.

මුන් එනකං බලන් ඉන්න
කාවයියන් හොර උඩ්ඩන්
මගුරො හුංගො ලූලො පැටවු
බුලත් හපයො හඳුන ගන්න
දෙන්නේ නෑනෙ අවසරයක්.

දෙමවු පියන් නොමැති දාක
කන්න දෙයක් නොමැති විටක.
ගහක කොලක තියෙන දෙයක්
කාල බීල සැනසෙන්නට
කාල මුන්ට හුරු වෙන්නට....
දෙන්නේ නෑනෙ අවසරයක්.

චූන් පාන් රෝල් වඩේ.
නැති වුනොතින් කාසි අතේ
කුසගින්නේ ඉන්න වේවි.
සොබා සිරිය තියෙන රටේ.

ගහේ කොලේ හැදෙන දෙයක්
හදුනන්නේ නොමැති කලට
අනේ අපොයි පුංචි එවුන්.
අනේ අපොයි රොබෝ පැටවු............


නැවේ හීං එකා සංදියෙ විදපු සොබා සිරිය දැං පැටවුන්ට නොමැති විම ගැන නැවේගේ බලවත් සාංකාව මත කරන ලද පැදි පෙලකි. මහ වුන් මේ සම්බන්ධව උරණ නොවී එයාලගෙ පුංච් වයසට නැවත යන ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමි.එදා වගේ ඇල දොල පිරිසිදු නැතුවා වගේම ඩෙංගුවොත් හිටියේ නැති නිසා නැවේ තාමත් යහතින්.


නැවේ කප්පිත්තා