Sunday, December 25, 2016

මා නම් නොම දනී...............

2004.12.26 වසර 12  ක්  හිටයනම්   .. 18-1/2

ආමග කෙටියි....
යායුතු මග දුරයි..........
මතකය මගේ සිතේ .........
අමතක නොම නොවේ........

කුඳුලක් සැම දිනේ........
වැගිරෙනු නොමපෙනේ..........
ජීවිතේ සැම දීනේ........
මතකය යලි ඇදේ..........

පුතු උඹ නැති ලොවේ.........
කුමටද ජීවිතේ........
මිය යන තෙක් මගේ........
හදවත ඉකි බිඳී.........

ගතවන හැම දිනේ..............
පතනෙමි සැම වෙලේ...........
නොලබන ලෙස  මෙසේ.............
වියොවක් හැම බවේ..........

ආදරයෙන් එදා.........
සිටියත් සැම දෙනා.........
රැක ගන්නට එදා..........
මොකටද මට මෙදා.........

උඹ නැති ලොව සාදා........
ජීවිතේ කෙටි තමයි........
අපි යායුතු තමයි..........
මම තාමත් හයි........

අම්මා ඉකි බිඳීයි........
ඇගෙ දුක මම දනී.......
උඹ ඉපදුන දිනේ..........
මම මහ ගිනිගොඩේ.........

අම්මා තනියමයි..........
තාත්ත ලඟ නෑ පුතේ.......
එන විට පසු දිනේ......
උඹ කිරි උරමින් පුතේ.....

අම්මගේ උනුසුමේ......
උඹ හිටි හැටි පුතේ......
තාමත් මගෙ සිතේ.....
මැවි මැවි මට පෙනේ.......

ජීවිතේ අනියතයි...........
බුුදු හිමි දෙසු බනේ.......
තිබුනත් මගේ පුතේ........
ජීවිතේ එහෙම මයි.......

නැත වෙනසක් පුතේ.......
මතකය එහෙම මයි.......
නැති වුන ආදරේ.........
ආයිත් නොම ලැබේ.......

හැඬුවත් සැම  දිනේ.....
පුතු නොම යලි ලැබේ.....
මතු සසරෙදි යලිත්......
හමුවෙන දිනකදී.......

මගේ දුක පවසලා........
සිත සනසනු පුතේ.......
අම්මා උඹ නැති ලොඹින්.....
 හිටියත් සැම දා දුකේ........

ඇය සනසනු කෙසේ........
මා නම් නොම දනී.............

2004.12.26 දින පැමිනි උදම් රළ නිසා ජිවිතය අහිමි වු සියළු දෙනා මෙවන් කේදජනක වූ ඉරණමක් අත්නොවේවා !

8 comments:

  1. මුහුද ගැලුවයි
    දුකම පිරුණයි
    වසර දොළහයි
    තාම මතකයි....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ‍දුක් කම් කටොලු බොහොමයි.
    බෙදාගත් නුඹ වැන්නවුන් අල්පයි....
    ස්තූතිය් දුමී............

    ReplyDelete
  3. කොපමණ මිනිසුන් නැසුනාද ? සතුන් සිපාවුන් ගණන් නැති
    බොහෝ හොඳ අය අපෙන් නොඑන්නටම වෙන්වී ගොසින්
    තවත් සමහරුන් තම අදරැතියන් සොයමින් තවමත් වෙහෙසෙති
    සොබා දහමේ අපුරුව?
    නොපතන් කිසිවෙකුට මේ වැනි විපත්..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එහෙමයි ගෙවෙන හැටි මෙහෙමයි..

      Delete
  4. බොහෝ අයට අමතක වෙලාද කියලත් හිතෙනවා.

    ReplyDelete
  5. සත්තකින්ම එය එසෙමය.....

    ReplyDelete
  6. නැව් කප්පිත්තා හුග දවසකින් ලියල නැති ගානයි

    ReplyDelete