Tuesday, April 11, 2017

වසකෑම විසකෑම සහ වඳ කෑම


පසුගිය කාල සීමාව පුරාවටම මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලවල මාතෘකා වෙලා තියෙන්නේ වසකෑම විසකෑම සහ ව කෑම ගැන මේ හැම දේකම වග කීම තියෙන්නේ අපේ අතේමයි.කූට වෙළෙන්‍‍දො උන්ගෙ වෙළාමෙ ලාබෙ වැඩි කරගන්න එක එක උපක්‍ර‍ම යොදනව උන්ට හොදක් නරකක් ගුණ අගුණ වලින් වැඩක් නැහැ උන්ට අවශ්‍ය ලාබෙ වැඩි කරගන්න විතරමයි.මෙක තේරුම් ගන්න බැරි අපේ උදවිය අතේ තියෙන සල්ලි දිල වසකෑම විසකෑම වගේම ව කෑමත් අරගෙන කනව වගේම තමන්ගෙ පුංචි එවුන්ටත් එව අරගෙන දෙනව නැත්නම් අර ගන්න සල්ල දෙනව පැසැල් යනකොට (පොකටි මනි) එක එක දේවල් අරගෙන කන්න. ඒ සල්ලි වලින් කරේ මොනවද ගත්තේ මොනවද කැවෙ මොනවද කියල පසු විපරමක් කරන්නේ කොයි අම්මද තාත්තද? නිකන් අතීතය ආවර්ජන කරල බලන්න කී දවසක් මේ වගේ පසු විපරමක් කරල තියෙන වද කියල.මට හිතෙන්නේ එහෙම කරනනේම නෑ වගේම තමයි.
ඒක තමයි මම කීවේ මේවට වග කියන්නෙ ඕන අපි මයි කියල. මේකට තමයි කියන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙනව කියල කියන්නේ. අපේ දරුවන් පාසැල් යනකොට වගේම වැඩිහිටි බාල මහළු කවුරු උනත් තමන්ගෙ නිවසින් එලියට යනකොට නිසි සැලසුමක් ඇතිව පිටවෙලා යනවනම්. අපි යන ගමන කල් තියාම සැලසුම් කරල ගමනට අවශ්‍ය කැම බිම අපට අවශ්‍ය ප්‍ර‍මානයට වසවිස නැතිව සකස්කර ගෙන යනවනම් අපට මේ කූට වෙළෙන්දොන්ගෙ සටකපට කම්වලට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර ගන්නේ නැතිව අපිරිසිදු වසවිස සහිත ආහාර වලින් වැලකිලා එන්න පුළුවන්.

කූඨ අසමජ්ජාති අමන වෙළෙන්දො වගේම තවත් එවුන් උන්ගේ උදවුවෙන් සමාජයට වස විස කෑම වගේම වද බෙහෙත් මිශ්‍ර‍කරපු කැම වර්ග විකුනන බව යම් යම් අවස්ථාවල ප්‍ර‍චාරය වෙනව අපි දැකල තියෙනව. මේවයේ ඇති සත්‍ය අසත්‍ය තාවය ගැන අපට සහතිකයක් නැති වා වගේම මේවගේ දේවල් නොවුනා නොවෙනවා කියල සහතිකයක් ඇත්තෙත් නැහැ. අපේ ජිවිත  වටින්නේ අපට අපි නිවසින් බැහැර වෙනකොට දැරවන් පාසැල් යවන කොට අපි අපේ දෛනික රාකාරිවලට පිටව යනකොට කැම බිම ගන්න විශ්වාස වන්ත තැනක් හොයා ගන්න එක  කර ගන්න බැරිනම් අපි ගෙදරින් පිට ‍වෙකොට අපට අවශ්‍ය දේ ගෙදරින් ගෙන යෑම අපේ සරීර සෞඛ්‍යට යහපත් වෙන බව සිහියට ගත යුතු කාරනාවක්.

වසවිස වද කෑම විකුනනව කියල අපි කෑගැහුවට වැඩක් නෑ එව අපි දෛනිකව ගන්නව නම්. අපි අපේ උපරිම උත්සාහය දාලා කූට වෙළෙන්දොන්ගේ වස විස ආහාර නොගෙන හිටියනම් උන් අපට ඒව බලෙන් දෙන්නේ නැහැනේ.දරුවන්ට අවශ්‍ය දේ බැගයට දාල තිබ්බ නම් එයාට පොකට් මනි දෙන්න අවශ්‍ය නැහැ.දැං කල්පනා කරාවි අපේ තියෙන වැඩත් එක්ක කොහොමද මේව කරන්නේ කියල. නමුත් දැන් තියෙන තත්වෙත් එක්ක එහෙම කරන් වෙනව.පහුගිය කාලේ ත්‍ර‍ස්තයො අපේ රට වනසනකොට යස අගේට අපේ අම්මල තාත්තල පාසැලේ අරක්ෂාවට ඉදිරපත් වෙලා පාසැල් රැකගන්න කරපු කැපවිම අමතක නැතව ඇති. එහෙනම් අපි මේකටත් එහෙමම කැපවීමක් කරමු නේද? හිත ඇත්නම් පත කුඩාද දරුවන්ගේ අවශ්‍ය දේ ගමන් බෑගයට දමන්නන.පොකට් මනි සිමා කරන්න දිපු මනිය ගැනත් පසු විපරමක් කරන්න.ඉතුරු තියෙනවනම් ආපහු ඉල්ල ගන්න.දිපු දේට අමතරව ගත්ත ආහාර ගැන ඒව ලැබුනේ කොහොමද කියල හොයන්න.ඒක සැර වැරකරල හොයන්න බැහැ පොඩි ගොම් පාට් එකක් දාල ඒව එලියට ගනන් වැඩි හිටියො දැනගන්න  ඕන.නැත්නං මේ පොඩිහිටියො අපිව වටේ අරිනව හරිම ලේසියට.


ඉසසර නම් ඔය ඉස්කොල ගාව ආච්චි අම්මල වෙරළු අච්චාරු අඹ අච්චාරු වගේම එක එක දේවල් විකුනනව ඒ ඒ ආච්චි අම්මල දරුවන්ට වස විස නම් දුන්න බවත් මතකයක් අපට නැහැ ඒ වුනාට දැන් ඒ තත්වෙ වෙනස් වෙලා මොකාගෙ හරි රීරි මාංසෙ උරාබොන්න දත් විලිස්ස්ගේන බලං ඉන්න මහ සොන්නු හැම තැනම අපි අපේ ආක්ෂව බලා ගන්න වෙන බව

රට තොතට ගැන විපරමින් අවදියෙන් ඉන්න ඈයො දන්නව ඇති.


- නැවේ කප්පිත්තා -

Sunday, December 25, 2016

මා නම් නොම දනී...............

2004.12.26 වසර 12  ක්  හිටයනම්   .. 18-1/2

ආමග කෙටියි....
යායුතු මග දුරයි..........
මතකය මගේ සිතේ .........
අමතක නොම නොවේ........

කුඳුලක් සැම දිනේ........
වැගිරෙනු නොමපෙනේ..........
ජීවිතේ සැම දීනේ........
මතකය යලි ඇදේ..........

පුතු උඹ නැති ලොවේ.........
කුමටද ජීවිතේ........
මිය යන තෙක් මගේ........
හදවත ඉකි බිඳී.........

ගතවන හැම දිනේ..............
පතනෙමි සැම වෙලේ...........
නොලබන ලෙස  මෙසේ.............
වියොවක් හැම බවේ..........

ආදරයෙන් එදා.........
සිටියත් සැම දෙනා.........
රැක ගන්නට එදා..........
මොකටද මට මෙදා.........

උඹ නැති ලොව සාදා........
ජීවිතේ කෙටි තමයි........
අපි යායුතු තමයි..........
මම තාමත් හයි........

අම්මා ඉකි බිඳීයි........
ඇගෙ දුක මම දනී.......
උඹ ඉපදුන දිනේ..........
මම මහ ගිනිගොඩේ.........

අම්මා තනියමයි..........
තාත්ත ලඟ නෑ පුතේ.......
එන විට පසු දිනේ......
උඹ කිරි උරමින් පුතේ.....

අම්මගේ උනුසුමේ......
උඹ හිටි හැටි පුතේ......
තාමත් මගෙ සිතේ.....
මැවි මැවි මට පෙනේ.......

ජීවිතේ අනියතයි...........
බුුදු හිමි දෙසු බනේ.......
තිබුනත් මගේ පුතේ........
ජීවිතේ එහෙම මයි.......

නැත වෙනසක් පුතේ.......
මතකය එහෙම මයි.......
නැති වුන ආදරේ.........
ආයිත් නොම ලැබේ.......

හැඬුවත් සැම  දිනේ.....
පුතු නොම යලි ලැබේ.....
මතු සසරෙදි යලිත්......
හමුවෙන දිනකදී.......

මගේ දුක පවසලා........
සිත සනසනු පුතේ.......
අම්මා උඹ නැති ලොඹින්.....
 හිටියත් සැම දා දුකේ........

ඇය සනසනු කෙසේ........
මා නම් නොම දනී.............

2004.12.26 දින පැමිනි උදම් රළ නිසා ජිවිතය අහිමි වු සියළු දෙනා මෙවන් කේදජනක වූ ඉරණමක් අත්නොවේවා !

Tuesday, December 20, 2016

කරත්තයේ ගමන ( හේල හෙලෙයි හෙලෙයියා 2 කොටස )

උදේ පාන්දර මට ඇහැරුනේ ගොනෙක් තපුල්ලන සද්දෙට ඒ වෙනකොට ආච්චි නැගිටලා මම නැගිටල එලියට එනකොට පාන්දරින්ම ආච්චි ලිප පත්තුකරල ගින්දර වැඩිවෙන්න බටේකින් ලිපට පිබිනව වතුර කේතලේ රත්කරන්න. මැව දැකපු ගමන් ආච්චි කියනව මුන හොදගේන ලැස්ති වෙයං කරත්තේ ඇවිත් කියෙන්නනේ කියල. මං ඒ පාර දුවනව ගේ දොරකඩ විල්සන් සීයගේ කරත්තේ ගේ දොරකොඩ නවත්තලා.

මහ මොල්ලිය තියෙන කළු ගොනා කරත්තේ බැදලා ඉන්නව. බෝන් ලීයට යටින් කරත්තේ හයිකට් ලාම්පුව එල්ලලා ඒක තාම පත්තු වෙනවා. දනිපනියෙ ලෑස්තිවෙලා ආච්චි කරත්තෙට නැග්ගෙ සිල්ගන්න ගෙනියන පොඩි පංපැදුරත් කිහිල්ලේ ගහගෙන මාත් ලැහැස්තිවෙලා කරත්තෙට නගිනවා කරත්තේ ඇන්දේ එල්ලිලා. කරත්තේ අමරාව හයිකරලා වැස්සොත් තෙමෙන්නේ නැතිවෙන්න. 

අපි කරත්තෙට නැගල යන්න හදන කොට ලොකු මාමා කියනවා මම එලිය වැටුනම බයිසිකලෙන් එන්නම් කියල එතකොට අචිචි කියනවා උඹ එනකොට පාං රාත්තල් දෙක තුනකුත් අරං වරෙං කියලා. විල්සන් සීයා කරත්තේ දක්කනව ජහ් මක් කියල ගොනා බෙල්ලේ බැදපු ගෙජ්ජි වැල හොල්ල හොල්ල ගමන ඉස්මන් කරනවා. පාරදිගේ ආපු කරත්තෙ රේල්පාර පන්නන කොට කරත්ත රෝද යකඩ උඩින් යනකො එන කට කටස් ගාල සද්දේ එනකොටම ආචිච් හතර ගාතේ දාලා වදිනවා පන්සල පැත්තට හැරිල. 

තාරදාපු පාරේ ගැලවිච්ච ගල් කරත්ත රෝදෙට අහුවෙලා කුඩු වෙන සද්දේ ටකස් ගාල ඇහෙනව එතකොට තවමත් එලිය වැටිලා නැති නිසා පාරදිගේ හයිකට් ලාම්පු එලිය යන්තමට වැටෙනවා. විල්සන් සීයා දකුණු අතින් බෝන් ලීය අල්ලන් හයියෙන් යනවා එයාගේ වේගෙට ගොනා යන්නේ නැති වුනාම සීය නැවතිලා යමං පුතා කියල ගොනාගේ පිට කොන්ද අතගානවා. ගොනා ටිකක් විතර වේගෙ වැඩි කරනවා. සීයා ආයිත් යනවා නවතිනවා. පිංකන්දෙ කන්ද නගිනකොට යාන්තම් එලිය වැටිල සීයා කරත්තේ ලාම්පුව නිවලා එතන ඉදං කරත්තෙට නගිනවා ගොනාට වගේම එයාටත් මහන්සියි. 

එතන ඉදං සීයා කරත්තෙ නැගලා බෝන් ලී දෙකට කකුල් දෙක ගහ ගෙන ගොනා දක්කනවා. ගොනාගේ වේගෙ අඩුවෙනකොට අතේ තියෙන කෙවිට මහ හයියෙන් උස්සල ගහන්න හදනවා එතකොට කැප්ටන්ට දුක හිතෙනවා. එ්ත් සීය ගොනාට කෝට්ටෙන් ගහන්නේ නැහැ මහ හයියෙන් ගහන්න කෙවිට ඉස්සුවට අත පහත් වෙනකොට වේගෙ අඩුකරලා කොටුව පිටේ තියලා එහාට මෙහාට කරනවා. සීයා කරත්තේ දක්කනවා කැප්ටන් බලං ඉන්නෙ අච්චිගෙ තුරුල්ලේ ඉදගෙන. 

ගොනාගේ වේගේ අඩු වෙන කොට විල්සන් සිය එයාගේ කකුල ගොනාගේ කකුල් දෙක අස්සෙන් දාල ගොනාට කිති කවනවා එතකොට ගොනා වේගේ වැඩිකරල යන්නේ හැටට හැටේ. එතකොට ගොනාගෙ ගේජ්ජි සද්දේ අහන් ඉන්න ආසයි. ඒ යන කොට අපේ ඉස්සරහට බඩු පටවපු කරත්ත කීපයක්ම මුන ගැහෙනවා. ඒ හැම කරත්ත කාරයෙක් එක්කම සීය කතා කරනවා. සමහර කරත්තවල කොප්පර පටවල තව සමහර කරත්තවල කුරුදු පටවල ඒ කාලේ කරත්ත කාරයො හැම කෙනෙක්ම එකිනෙකට අඳුනන බව එයාලගෙ කතාවෙන් තේරෙනවා.

පැය දෙකක විතර ගමනකින් පසසේ කැප්ටන් එන්නේ කැප්ටන්ගේ අම්මා තාත්තා ඉන්න ගෙදරට ඒ වෙනකොට එලිය වැටිල ගෙදර මිදුලේ ලොකු ගොරක ගහ යට කරත්තේ නවත්තන කොට මහ හයියෙන් ගොනා තපුල්ලනව ඒ සද්දෙට අම්ම එලියට ඇවිත් බලන ගමන් අච්චිට කථා කරනව අම්ම පාන්දරින්ම ඇවිත් නේද? කියන ගමන් වතුර බාල්දියක් ගෙනත් විල්සන් සීයට දෙනව. සීයා වතුර බාල්දිය බිම තියලා සීයා කරත්තෙන් ගොනා නිදහස් කරනවා. ගොනා වතුර බාල්දියෙන් බාගයක් විතර බීලා. අපේ අම්මා දිහා බලනවා බොහෝම ස්තූතියි කියන්න වගේ. මාමට තේ එකක් හදල දීපන් ඒ ආච්චිගේ හඬ. වතුර රත්කරලා තියෙන්නේ කියන ගමන් අම්මා කුස්සියට යනවා. මම අම්මගෙ පස්සෙන් කුස්සියට ගිහින් ලිප ගාව ඇණ තියාගන්නවා පාන්දර සීතල නිසා.

දවල් වේගෙන එනකොට වත්තේ පොල් කඩන්න ලෑස්ති වෙනවා. පොල් ගස් නගින අයත් ඇවිත් ගස්වල පොල් කඩන්න පටන් ගන්නකොට ලොකු මාමත් බයිසිකලෙන් එනවා පොල් කඩන අය ගස්වලට නැගල පොල් කඩනකොට ලොකු මාමා කඩන පොල් ගනන් පොතක ලියනවා අපිටත් පුළුවන් විදියට වත්තෙ කඩන පොල් ගොරක ගහ යටට එකතු කරනවා දවල් වේගෙන  එද්දි ගොරක ගහ යට මහ පොල්ගොඩක් ගොඩ ගැහිලා. පොල් කඩන ඩැනි මාම හොද ගහකින් කඩපු වෑවරයක් කපලා දෙනවා. මට ඒක ඉවර වෙන්න බීගන්න බැහැ. කලින් දීපු පණිවිඩයට පොල් ගෙනියන්න කොප්පර මුඩුවෙ කරත්ත දෙකක් එනවා. 

ගොඩ ගහපු පොල් ගොඩ ලඟ දෙකට නැවෙන කරත්ත කාරයො පොල් ගනන් කර කර කකුල් දෙක අස්සෙන් පිටි පස්සට වීසි කරන කොට අනිත් කරත්ත කාරය ඒව උස්සල කරත්තෙට දානවා. පොල් ගැනල ඉවර වුනාට පස්සේ ඉතුරු පොල් වලින් කොටසක් විල්සන් සීයගේ කරත්තේට පටවනවා ආච්චි වත්තෙන් එකතු කරපු දර පොල්කොලත් කරත්තේ පිරෙන්න පටවනවා.

කැප්ටන් ලොග්පොත කියවන කොට හීං එකා කාලේ මතක ලොග් පොත අස්සෙන් පේනකොට ආයිත් පුංචි කාලෙට යන්නේ හිතටත් හොරා ඒ මතකය හරිම සුන්දරයි. දැන් ඉතින් කොයින්ද කරත්ත. ඒව දැන් අභාවෙට ගිහින් ලොකේ දියුණු වෙන කොට සොබා දහමත් එක්ක තියුනු ඇයි හොදයිය දැන් නැහැ. ඒ සුන්දරත්වය ආයි විදින්න ලැබෙන්නෙත් නැහැ. 

ඒ ජීවන රටාවෙ කටුකත්වයක් තිබුනත් අතිතයේ විදපු දේ වල සුන්දරත්වය තාම හිත ඇතුලෙ සුන්දර ලෝකය තවම තියෙනවා. දැං එදා වගේ කරත්ත ඇත්තේ නැහැ. කැප්ටන්ගේ පුංචි කාලේ අපේ රටේ හුගක් ප්‍ර‍වාහන කටයුතු කලේ ගොන් කරත්තවලින් ඒවට නිදුසුන් තව මත් රටේ තියෙනව අපේ රටේ පාරවල් වල පිහිටි මෙන්ම ඒ බව පේනව ගොනාට පහසු විදියට ගිහිපු පාරම තමයි අද වෙනකොට තාර දාල කාපටි දාල හදල තියෙන්නේ ඒකනේ මෙච්ච්ර වංගු ගොනා හැරි හැරි ගිහිපු ක්‍රමේටම පාරවළුත් තියෙනව කියල කැප්ටන්ට වෙලාවකට හිතෙනව. 

නගර උනත් බිහිවෙලා තියෙන්නේ ගොනාට කරත්තේ ඇදගෙන දවසකට යන්න පුළුන් දුරකට බව නගර අතර දුර අරගෙන බැළුවම පේනව සැතපුම් 28 ක් 30 ක් අතර දුරකින් තමයි. හැම ප්‍රධාන නග‍රයක් පිහිටල තියෙන්නේ. මගේ බොලොගය කියවන උදවියත් ගොං කරත්තෙක ගිහින් ඇති මයේ හිතේ. එහෙම මතකයක් තියෙනවනම්. ඒ මතකය ගැන වචනයක් කොටල කොමෙන්ටුවක් දැම්මට මයේ අමනාපයක් නෑ හොදේ.

      - කප්පිත්තා -


Thursday, December 8, 2016

හේල හෙලයි හෙලෙයියා



රතුම රතු පාටට ගිනි බෝලයක්වගේ හිරු දෙයියො මුහුදේ ගිලෙනවා බලන් ඉන්න මට නම් තියෙන්නේ හරිම ආසවක්, වැල්ලේ රතු පොල් ගහ යට වාඩිවෙලා  මුහුද දිහා බලන් ඉන්න කොට දැනෙන්නේ පුදුම සතුටක්. තදම නිල්පාටට තියෙන මුහුදෙ හිරු ගිලෙන කොට හිරු ගිලෙන තැන ඉදගෙන වෙරළට එනකම් මුහුද රත් පැහැගැන්වෙනවා. 

දවල් දවසේ කෑම හොයාගෙන ආපු කුරුල්ලෝ තමන්ගෙ ලැගුම්හල් වලට යන්නේ මහත් වේගෙන් ධීවරයෝ තමන්ගේ ජීවිතේ ගැටගහගන්න ඔරුව දියත්කරනවා කැප්ටන් හැමදාමත් බලං ඉන්නවා. ඒ අතර කැප්ටන්ට ආදරේ කරන මග්ගොන සීයා වැල්ල දිගේ එන්නේ වට්ටය වගේ විශාල පංකොල තේප්පියත් දාගෙන අත්දිග බැනියමත් ඇදල බෙල්ල වටේ ලොකු කම්බ ලේන්සුවකුත් බැදගෙන කරතබා ගත්ත කළමනාත් එක්ක.

ධීවරයෝ හැමෝම වගේ ඇවුලුම් බිලියක් අතංගුවක් වගේම හබලත් රෑට කන්න බත්මුලත් තව කඩෙන් ගන්න වන්ඩුවක් නැත්නම් ගල් බනිස් දෙක තුනත්  සුරුට්ටු මිටියත්  ගිනි පෙට්ටි වගේම මහ බංකරෙන් අරගෙන යනව එතනින් යනකොට පුරුද්දට වගේ අපේ ගේ දිහා බැරිල බලනවා මම ඉන්නවද කියල මම ඉන්නෝ දැක්කහම හිච්චි එකෝ ගෙටපලයං දැන් රෑවෙලා කියා ගෙන මග්ගොන සීයා කැරෑපෙ හරියට ගිහන් එයාගේ බල ඔරුවට ලගට යන කං බලං ඉන්නව. 

(මහ බංකරේ කියන්නේ යකඩෙන් හදපු ලාම්පුවක් එ්කට ලාම්පු තෙල් දාල ගොනි කෑල්ලකින් හදපු මහ තිරයක් දාපු එකක් මහ කුණාටුවක් ගැහුවත්  ඒක නිවෙන්නේ නැහැ) 

මග්ගොන සීයා තරුණ කාලේම මෙහේ ඇවිත් තියෙන්නේ ගෙදරින් තරහවෙලා බව කැප්ටන් දැන ගන්නේ කාලකෙට පස්සෙ. මග්ගොන සීය අපේ ගමට ඇවිත් මූදු රස්සාව කරන ගමන් මේ ගමෙන් කසාද බැදල බින්න බැහැල රේල් පාරට එහා පැත්තේ පොඩි ගෙයක් හදාගෙන පදිංචිවෙලා හිටියෙ ජේන් ආච්චිත් එක්ක එයාට පුතෙක් හිටියා විජේපාල කියල  එයාට අපේ පවුලේ පොඩි අෑයෝ හැමෝම කිවුවෙ විජේපාල මාමා කියල. 

අපේ ආච්චිනම් මග්ගොන සීය හැදුන්නුවෙ මග්ගොනය කියල විජේපාල මාමට කිවේ ජෙන් මහගෙගේ පුතා නැත්තං විජේපාලය කියල.
මුහුදු රස්සාවට යන ධීවරයන්ට ඉස්සර ඇංජින් බොට්ටු තිබ්බෙ නැහැ හබලෙන් පැදල රුවල දාගෙන යන ඔරු තමයි තිබුනෙ. ඒ ඔරු හදුන්වන නම් ගනනාවක් තිබුන මාදැල් ඔරු, බල ඔරු, පිලා ඔරු, වාරා ඔරු, බල ඔරුවල පිලා ඔරුවලට රුවලක් තිබුනත් වරා ඔරුවට මාදැල් ඔරුවට රුවල් තිබුනේ නැහැ.

මාදැල් ඔරුවක් දිගින් පලලින් වැඩි ටිකක් විශාල ඔරුවක් ඒකේ හබල් හයක් විතර තියෙන ඇනියෙ වෙනම හබලක් තියෙන ඔරුවක් ඒ හබල ගන්නෙ ඔරුවෙ නායකය එයාට කියන්නේ මරක්කලහෙ කියල. ඒ තැන ගන්න මුහුද ගැන වගේම ඔරුව පදින්නත් ධීවර රස්සාවෙ හතර මුල්ලම දැන ගෙන ඉන්න ඕන. මරක්කලහෙට ඔරුවෙ යන හැමොම කීකරුයි කියල කැප්ටන්ට තේරුම් ගියේ පුංචි කාලෙදිමයි. 

ඒ ඔරුවලින් කරන්නේ මහා විශාල දැලක් ගොඩ ඉදල දියෙඹට එලාගෙන ගිහින් නැවත අනිත් කොන ගොඩ බිමට ගෙනත් දෙපැත්තෙන් ගොඩට ගෙනත්දීල අායිත් ඔරුව මූදට පදිනව අන්තිම කොනේ මඩිය තියෙන තැනට. දැල මූදට එළුවට පස්සේ දැළ මුදේ එලපු දිගේ දැල වතුර මතු පිටේ රවගන්න අමුනපු ඉපියො තනි ඉරක් වගේ පේනව පාට පාට ඉපියො හදන්නේ වතුරෙ පාවෙන දේවලින් දැල්වලට ඉපියො හදන්න මහ කදුරු කදන් ගෙනත් රවුමට කපල මැදින් සිදුරක් විදින හැටි කැප්ටන් දැකල තියෙනව මාදැල් කාරයො දැල් වියන තැන්වලදි ඒකත් මහා කලාවක් වගේ දැන්නම් ඒවා පාවිච්චි කරන්නෙ නැහැ. රෙජි්ෆෝම් බෝල කඩෙන් සල්ලි දීල ගේනව. ඒව හදන්නම පුරුදු වෙච්චි අය ඕනෑ තරම් හිටිය.
මුලින් කඹයක් ඊට පස්සේ විශාල ඇස් තියෙන ලනු දැලක් ඊටත් පසසේ ඇස් පුංචි නයිලෝන් දැලට පස්සේ ඇස් පුංචි මඩිය ඒක මහා විසාලයි දැලට කොටුවන මාළු අන්තිමේ නවතින්නේ ඇස් පුංචි මඩියෙ. ඒ දැල් වලින් අල්ලන්නෙ හාල්මැස්සෝ, හුරුල්ලෝ, මොරලි, බෝල්ලො, කුමිබිලාවෝ, පියාමස්සෝ වගේ පොඩි මාළු වුනාට සමහර වෙලාවට පොඩි මාළු අයින් පස්සේ එන ලොකු ලොකු මාළුන් ගෙත් ගමන කෙලවර කරන්නේ වෙරලෙන්. එදාට මාදැල් කාරයට හරි සතුටු විත්තිය එයාලගේ කතාවෙන් තේරෙනවා. මාදැල වට කරන කොට මාදැල් කාරයා වෙරළෙ ඉදං හූ කියනකොට ගෙවල්වල ඉන්න ධීවරයො වගේම දැල අදින්න සහය දෙන කටිටිය වැල්ලට එනවා. 

Image result for ancient fishermen in ceylon

දැල අදින කොට සමහර ධීවරයෝ කවි කියනවා. තවත් සමහර අය කියන්නෙ පට්ට කුනුහරුප දැල ඇද්දහම ඇදපු අයට කොටහ බේරල තමයි මා දැල් කාරය ඉතිරි මාලු වෙළෙන්දන්ට විකුනන්නෙ. දැල ඇදපු ඈයොන්ට හොද්ද කන්න මාළු ටිකක් ලැබෙනවා. ඒකත් අරගෙන ඒ අය ගෙවල් වලට යනව. කැප්ටන්ටත් ටිකක් ලොකු උනාට පස්සේ මාදැල් අදින්න දුවනව හූ හඬ ඇහුන ගමන් එදාට මටත් මාළු කූරියො දෙතුන් දෙනෙක් ලැබෙනවා. ඒව ගෙනත් ආච්චිට දුන්නහම ආච්චි බනිනව තෝ හම්බකරන්න ගියාද මීට පස්සෙ යනෝ එහෙම නෙවෙයි කියල. ඒත් අයිත් දැල් අදිනකොට මම ආයිත් වැල්ලෙ යනව.

ඒ වගේ දවස් කීයක්නම් ගෙවෙන්න ඇද්ද. මම හැමදාමත් හැන්දෑවට වැල්ලටවෙල ඉන්නවා. දවසක් හැන්දැවෙ පොඩි එකො කොහෙද ඉන්නේනේ...... කියන ආච්චිගෙ සද්දෙට මම ගෙට දිවුවෙ මං මෙහේ........ කියාගෙන මූන කට හොදගෙන ගෙට වෙලා ඉදහන් හෙට උදැහැනක්කේ ගොනපිනුවල් යන්න ඕන. කියන කොටම පුංචි අම්මා මාව ඇදගෙන ගියා.ලිඳ ගාවට.

~ මතු සම්බන්ධයි ~


    කප්පිත්තා -

Saturday, November 26, 2016

‍සනියා සහ ගල් ඉබ්බා 🐢🐢🐢

අද අදේ පාන්දරම දවසේ රාජකාරියට අරඹන්න ගෙදරින් පිටත් වෙලා පාර දිගේ බස් නැවතුමට යද්දි කුණු ඇළෙන් ගොඩ වෙච්ච මහ තඩි ගල් ඉබ්බෙක් පාර මාරුවෙනවා දැකලා ඌව කකුලෙන් තල්ලුකරල කාණුවට දැමමා. නැත්තං ඌට වෙන්නේ ස්වර්ගස්ථ වෙන්න. ඉබ්බා ගැන මතකයත් එක්කම ලොග්පොතේ පිටු පෙරලන කොට කපිතාන්ට පුංචි මතකයක් අාවා කිරි ඉබ්බෙක් ගැන (කිරි ඉබ්බො සුදුපාටයි) පරණ වෙච්ච ලොග් පොතේ කිරි ඉබ්බා ගැන වගේම සනිඅයියා ගැනත් අාච්චිචිත් ලොකු මාමත් මතක් උනා. දැන් මේ තුන් කට්ටුවම මේ ලොකේ නැහැ.

සනි අයියා අපේ ලොකු අම්මා අරං හදාගත්ත කොල්ලා කියල අාච්චි කියනව කපිතාන්ට ඇහිල තියෙනවා. කපිතාන් ටිකක් ලොකු වෙනකොට දැන ගත්තා ලොකු අම්මට දරුවො නැති නිසා ඉපදිච්චි දවසෙම ඌව අම්මාගෙන් වෙන්කරල ගෙනාපු හැටි අම්මාගෙ කිරිත් නැතිව බොහොම අමාරුවෙන් හදාගත්ත හැටි, ඌට පුංචිකාලේ ලෙඩ උනාම වෙච්චි කරදර ගැන මහා යාං හැල්ලක් සනියාගේ අකල් මරණෙ දැනගත්තු ගමන් පොලොවෙ හැපි හැපි  කදුළු පෙරා ගෙන අන ගමන් කපිතාන්ගේ අම්මා කියනවා අහගෙන හිටියෙ මහත් විස්සෝපෙන්. සනි අයියගෙ මරණෙ ආරන්චි වෙනකොට කපිතාන් යුධ බිමේ ඉදල මාස ගානකට පස්සෙ නිවාඩු ආපු දවසට පහුවදා තුනට විතර.


කපිතාන් හෝඩියෙ පන්තියෙ ඉදල තුනේ පන්තියට යනකම් ඉස්කෝලෙ ගියේ පටුවත ලංකා සභා රජයේ විද්‍යාලයට ඒක සුද්දගෙ කාලෙ පටන් ගත්ත ආගමේ පාසැලක් පස්සෙ රජයට පවරගෙන, ඒ වුනාට නම නම් තාම වෙනස්කරල නැහැ, දවසක් උදේ පාන්දරම අාච්චි කබාකොරුත්තුව ඇල රතුම රතුපාට කොටු වැටිච්ච මඩකලපු පට කම්බායකින් හැඩවෙලා පෙට්ටගම අවුස්සන සද්දෙට කැප්ටන්ට ඇහැරෙනවා හැට්ටෙටදාන රත්රතන් බොත්තම් වැල හැට්ටෙට අමුනනවා කපිතාන් දකින්නෙ නිදි පැදුරෙදිම. අාච්චි කොහේ හරි යන්න ලක ලෑස්ති වෙන බව කපිතාන්ට තේරුණා. කපිත්තත් ආච්චිගෙ පස්සෙන් එල්ලිලා යන්න ඕන එ්ත් ඒකට ආච්චි කැමති වුනේ නැහැ, උඹ පුංචි අම්මත් එක්ක හිටපන් මම අලුත්තල් ගිහින් එන්න යනෝ කිව්වත් කැප්ටන් එ්කට කැමැත්තක් නොදක්වා මහහයියෙන් අලා හැපෙනකොට උදේ පාන්දරම ශරීරක් කෘත්යට වැල්ලට ගිහිපු ලොකුමාමා පස්සෙ දොරෙන් ගෙට ගොඩ උනේ කකුලේ තිබුනු වැලි හැලෙන්න කකුල ගල් පඩියේ ගහන ගමන්. 

මොකෝ මේකා අඩන්නේ කියාගෙන. මේකා මගේ පස්සෙන් යන්න දලනවා කියල ආච්චි කියන කොටම කමක් නෑ ඔන්න ඔහේ එක්ක පලයල්ලා පුංචි එකාගෙ ආසාවනේ ඕකා ඔය සනියත් එක්ක දලන්නනෙ යන්නේ ආච්චි තවත් මොන මොනවදෝ කිවුවත් පුංචි අම්මා මාව ලැස්තිකරා ආච්චිත් එක්ක ගමනට කපිතාන් හිච්චි එකානේ ඉලටිටික් දාපු ජංගි කොටේ අන්දල කමිස කැල්ලක් අන්දල පුයර ටිකකුත් මූණෙ අතුල්ලන ගමන් කීවේ ගියාට කමක් නෑ සනියත් එක්ක වක්කඩේ බහින්න යන්නේ එහෙම නෑ කියන ගමන්.

ගෙදරින් පිටත් වෙලා පාර පැනලා රේල් පාර දිගේ ගලඋඩ විහාරෙ ගාවට අාපු අාච්චි පන්සල ගාව ගල් තලාවෙ වාඩි වෙලා හිටිය බස් එකක් එනකම්. කැප්ටන් පාර දිහා බලාගෙන හිටයා ඉක්මනට බස්එකක් එනකම් ( දැන් කාලෙ වගේ විනාඩි පහෙන් පහට බස් නෑ) පැයකට විතර පස්සේ ආපු බස් එකේ නැගල අාච්චි සීට් එකේ වාඩි වුනේ මාවත් උකුලෙ තියාගෙන ඇල්පිටිය යන බස්එක වතුර කරත්තෙ වගේ හැම තැනම හොල්ට් ගානේ නවත්ත නවත්ත අලුත්තලට යනකොට හොදට අව්ව වැටිල.

බස්එක නවත්තන කොට ලොකු තාත්තා පාරට ඇවිත් බැළුවා හරියට අපි එන බව දැනගෙන වගේ දැන්නම් කපිතාන්ට හිතෙන්නේ එ්ක කලින් සැලසුම්කල ගමන් විත්තය අපි යන කොට ලොකු අම්මා කැකුළු හාල් බත්උයලා කොච්චි කොටල පොල් සම්බලකුත් හදපු බව කුස්සිය පැත්තෙන් ආපු සුවදෙන් තේරුනා.(දැන් වගේ නෙමෙයි ඉස්සර ගමේ කුඹුරු වල වී කොටලා හදන හාල් වලින් බත් පිහන කොට හරි සුවදයි දැනුත් කටට කෙල උනනවා)

එයත් ආචිච වගේම පටකම්බායක් ඇදල මාල කූරු ගහල ලැස්තිවෙලා හිටිය ලොකු අම්මා බෙලෙක් පිගානකට ආච්චි හදාගෙන ආපු ඇඹුල් තියලුත් එක්ක බත් පතක් බෙදාගෙන ඇවිත් මට දීල බිම ඉහිරන්නේ නැතව කාපං කියල, කෑ ගෑවා සනියෝ කියලා. මේකා කොහෙද ඉදලා දුවගෙන ආවහම උඹ මල්ලිත් එක්ක ගෙට වෙලා ඉදහං මං ආච්චිත් එක්ක ගමනක් යනෝ කියලා දොට්ට බහින කොට ලොකු තාත්තත් සුදු සරමක් අත් දිග කමිසයක් ඇදලා පාරට වෙලා හිටයෙ පුස් සයිකලෙත් තියාගෙන අච්චි පස්සෙ ලැගෙජ් එකේ වාඩිකරන් ලොකු අම්මා ඉස්සරහ පොල්ලෙ වාඩි කරන් ලොකු තාත්තා බයිසිකලේ පැදං යනෝ කපිතන් බලාගෙන හිටියෙ පිලේ ඉදං.

දවල් වෙන කොට සනියත් එක්ක වක්කඩේ බැහැපු කැපිටන් සනිය අල්ලදෙන හොර උඩිඩො තිත්තයො බාල්දියෙ දාගෙන මහත් අසාවෙන් බල බල ඉන්නකොට සනි අයියා ඉබිබෙක් අල්ලං ආවේ මහ වීරයෙක්වගේ බාල්දියෙ හිටය තිත්තයො වක්කඩේට හලපු සනියා ඉබ්බාත් බාල්දියට දාගෙන ගෙදර ඇවිත් ඉබ්බගෙ සිරි නරඹ නරඹ ඉන්නකොට ලොකු අම්මා ගෙදර එන බව දැනගත්ත සනි අයියා ඉබ්බා බාල්දියට දාලා වඩු මඩුවේ හංගලා ගෙට දිවුවා මාත් ඒ පස්සෙන් වැටිල ගෙට දිව්වා. අපි දෙන්නා මඩ ගාගෙන ඉන්න විලාසෙ දැකපු ලොකු අම්මා තොට මං කිවවනේද පුංචි එකා එක්ක ගෙටවෙලා ඉදපං කියලා කියන ගමන් දීල ඇතෑරියා අතුල් පාරක් පිට මැද්දට. ගුටිය කාගෙන සනි අයියා පැනලා දිවුවා. ආයි අවේ පැය ගානකින් බඩ ගිනි උනාම හොරෙන් හොරෙන් පස්සෙ දොරෙන් ගෙට අපු සනි අයියා අම්මේ බඩගිනියි කියනකොට බෙදාගෙන කාපං කියලා කියනව කපිතන්ට ඇහුනා.




එදා හැන්දෑවෙ ලොකු අම්මත් ආච්චිත් ගිහිපු ගමන ගැන කරන කථා එහෙ මෙහෙ දුවන ගමන් කන වැකුනත් පස්සේ කාලෙකදි තේරුනා ඒ අය මගුල් තුලාවකට ගෙවල් දොරවල් බලන්න ගිහිපු බව, එදා රෑට අලුත්තල ඉදල උදේ යන්න කියල ලොකු තාත්තා ආච්චිට කියනවා ඇහුනා වෙලේ කපිතන්ට ඉහේ මලක් පිපුන වගේ වුනා, රෑවෙනකම් දගල දගල හිටපු සනිඅයියට දවල් අල්ගෙන ආපු ඉබ්බා මතක්වෙලා ඌව බලන්න ගියේ ඉටිපන්දම් කෑල්ලකුත් පත්තු කරන්, පත්තු කරන් ගිහිපු ඉටිපන්දම සනිය ඉබ්බගේ පිටේ ගහල ඌ එකත් එක්ක ඇවිදින හැටි බලාගෙන හිටියා. (ඒ කාලේ ගෙවල්වල පත්තුකරේ කුප්පි ලාම්පු පාරේ ලයිට් නැහැ අහල ගං හතකවත්.)
පාරෙ ගිහිපු වාහනයක් නවත්තන සද්දෙට කැප්ටන් දුවල ගියේ ගේ ඉස්සරහට ගේ ඉස්සරහ නවත්තල තිබුන වාහනේ පියදාස මාමගේ බව කැප්ටන් අඳුන ගන්නවා පියදාස මාම හිටියෙ අච්චිලගේ ගේ ඉස්සරහ ගෙදර එයා කුලීගමනක් ගිහින් එන ගමන් ඇන්ජිම රත්වෙලා ඒකට වතුර ගන්න එතන නවත්තලා තියෙන්නේ. හනිකට වතුර දාගත් පියදාස මාමා යන්න හදනකොට ආච්චිටත් ඒකෙ නැගිල යන්න පුළුවන් නේද කියල හනිකට මාවත් අරගෙන පියදාස මාමගේ ඩැට්සන් එකේ නැගගත්තෙ රෑට කන්නෙත් නැතිව. ඩැට්සන් එකේ ටික දුරක් එන කොට කපිතාන්ට නින්ද ගියා ආපු හැටියක් මතක නැහැ නැගිටින කොට පහුවදා උදේ.

දවස් දෙක තුනකට පස්සේ ලොකු අම්මා ආච්චි බලන්න ආපු වෙලේ දැන ගත්තා එදා රෑ ලොකු අම්මලගේ අල්ලපු ගෙදර පිදුරු මඩුව (දැන් ගම්වල පිදුරු මඩු නැති උනාට අතීතයේ හරක් හදන අය, ගොන් කරත්ත තියෙන උදවිය කුඹුරු කැපුනම මැඩුහන් වේලලා ලොකු මඩුවක  එක් රැස් කොරනවා ගොන්නුන්ට කන්න දෙන්න) ගිනි අරගෙන අළුවෙලා කියලා වෙච්චි දේ දැන ගත්තත් ඊට ගොඩක් කාලෙකට පස්සේ සනි අයිය ආච්චිලගේ ගෙදර ආපු වෙලේ පිදුරු මඩුව අළුගොඩ යට ඉබ්බෙක්ගෙ කටුවක් තිබුන කියල සනි අයිය කිවුවෙ.වැල්ලේ රෑල්ල පාගන ගමන්.



- කපිතාන් -

Thursday, November 24, 2016

කප්පිත්තාගේ කැ‍රැට්‍ටුව

කාලයක් තිස්සේ හිතේ පොදි ගැහිල තිබුන ආසාවක් ඒ විදියටම නැති වුනත් වෙනත් විකල්ප ක්‍රමයකින් හරි එලි දක්වන්න ගන්න පුංචි උත්සාහයක් මේ විදියට කරදිය රැළි උඩින් ගේන්න  කියලා හිතලා මේ වැඩේ නමෝ විත්තියෙන් අද අකුරු කරන්න ගත්තා.

පොතක් ලියන්න එක ගැන ජොසික්කරෙ දාගෙන නැවේ ඇනියට වෙලා පයිපෙ උර උරා හිටපු කැප්ටන්ට ඒකට වඩා බොලොගක් ලියන එක ලේසියි කියල සංසාර සාගරේ ජිවත නෞකාව පදවන කොට අහම්බෙන් නැවට ගොඩවෙච්ච් පුංචිම පුංචි නාවිකයෙක් මට පුංචි උපදේශයක් වගේම ඉල්ලීමකුත් කරා.

නාවිකයා පොඩි උනාට මේකා දීපු උපදෙස්, අර්ධ ශතකයක් ගහල ඉන්න කපිතාන් ඉතාම කරුණාවෙන් පිලි අරගෙන වැඩේට බැස්සා. වැඩේට මුල් වෙච්ච පුංචි නාවිකයා ගැන පස්සේ විස්තර මගේ ලොග් පොතේ ඉදිරි පිටු පෙරලෙන කොට කියවල බලමු.

මෙතැන ඉදලා මම මාව හදුන්වන්නේ කපිතාන් කියලා. මොකද  කපිතාන් පුංචි කාලේ හැදුනෙ වැඩුනෙ මහ සයුරත් එක්ක ඔට්ටුවෙලා ජීවිත නෞකා පදවන මිනිස්සුත් එක්ක. හැන්දෑවෙ බටහිර අහසෙ හිරු දෙවියො රතුම රතුපාටට නොපෙනි යනකොට අඩුම කුඩුම කරගහගත්තු මිනිස්සු රුවල් ඔරු බාගෙන ගිලෙන හිරු  අල්ලන වගේ ඇත දියඹට ඔරුව පදිනවා. ඒ මිනිස්සු ගැන වගේම මුහුදු  වෙරළට, මුහුදු වෙරළට එන මුහුදු ජීවියෝ ගැන කැප්ටන්ගේ හිතේ තුබුනෙ මහත් ආදරයක්. පුංචි එකා උනාට ඒ සත්තුන්ට හිරිහැර කරන එවුන් එක්ක කපිතාන්ගේ හිතේ තරහක් ඇති වෙනව.

කැප්ටන් පුංචි එකා කාලෙ අම්මගෙන් කිරිවරන්න ආච්චි අරගෙන ඇවිත් හැදුනෙ වැඩුනෙ කැප්ටන්ගේ මවු පාර්ශවයෙ මහගෙදර. ආච්චිගෙ, පුංචි අම්මගේ ආදරෙත්, හොද වඩුවෙක් වෙන ලොකු මාමගේ රැකවරණෙත් එක්ක. 

කැප්ටන්ගේ අම්මා අප්පා පදිංචි වෙලා හිටියේ  වෙරළෙන් ඈත හද්දා පිටිසර  ගමක. පස්සෙ පුංචි අම්ම දීගෙ දුන්නට පස්සෙ ලොකු මාමා ගෙදරට ගෙනාපු ලොකු නැන්දා නොහොත් ගාල්ලේ මහගේගෙ ( කැප්ටන්ගෙ අම්මා කියන විදිහට ) විරෝදෙට කැප්ටන්ගෙ තාත්තා එයාගෙ එකම අක්කගෙ ගෙදරට කැප්ටන්ව ගෙනියනවා. ගමේ හැදෙන කැප්ටන් කරදඩු උස්මහත් වෙලා ගජ ඉලන්දාරියෙක් වෙන කොට, රටේ උතුරු කොන වගේම දකුණත් ගිනි ඇවිලිලා. විවිධ රැකියාවල නිරතවෙලා හිටපු කැප්ටන් තරුණ ජවයත් එක්ක එන අධික සන්නිපාත උණ රෝගයට ගොදුරු වෙලා වෙවුලන්න ගන්නවා. උණ හොදකර ගන්න බෙහෙත් හොයාගෙන යන කපිතාන් නතර වෙන්නෙ රටට හිරු මෝදු වෙන, ගී කියන මාලු ඉන්න දිහාවේ.

අවුරුදු දහයක් ගොඩබිම් සටන් වලට මුහුන දෙන කපිතාන් තනි ජිවිතේ හොදයි කියල ඉන්නකොට දෙමවුපියෝ ඒකට විරෝධය පාල විවාහයක් කරලා දීලා ඒගොල්ලගෙ වගකිම් ඉවරයි කියල නිදහසේ ඉන්නවා. පස්සේ කාලයක් දකුණු මුහුදේ නැංගූරම් දාගෙන ඉන්න කොට මහා සුනාමිය ලංකාවට කඩාවදිනවා. සුනාමියට කපිතාන්ගෙ නැවේ මහකුඹේ කඩලා ගිහින් රුවල් ඉරිල නැව මුහුදු බත් වෙනවා. සුනාමියෙන් පස්සෙ කැප්ටන් බොහොම අමාරුවෙන් නෞකාව ගොඩ අරගෙන ජිවිත යාත්‍රාව පටන්ගන්න කොටම නැවත ගොඩබිම් සටන් සදහා කැදවනවා.




ඊට පස්සේ  සහල් නැලිය මුදාගන්න පසුපෙල ඉදගෙන සහයොගෙ දිලා නැවත සුපුරුදු නවාතැනට ආවත් උතුරේ සටන් ඉවරවෙලා තිබුනේ නැහැ. නැවත වරක් A-9  දිගේ උතුර හොයාගෙන යන ඉදිරි සටන් පෙරමුණට  සැපයුම් මාර්ග ආරක්ෂා කරන්න කැදවනවා. 

සටන් අහවර කරල  අවි නිහඩ කලාට පස්සෙ කපිතාන් කුකුලගෙ වරායෙ ඇංකරේ ගහලා  මෙච්චර කල් ලියපු ලොග් පොත කියවන්න හදන්නේ. ඒකේ හපන්කම් මෝඩකම් වගේම පුරසාරනුත් නැතුව නොවෙයි. ලොග් පොතේ පිටු 18000ක් විතර ලියල තිබුනට දැන් සමහර පිටු කියවගන්න බැරි තරමට දුර්වර්ණ වෙලා. ඉතුරු ටිකත් විනාස වෙන්න කලින් මේ වැඩේට බැස්සා. ලියපු ලොග් පොත ඉංගිරිසියට හරවන්න බලා පොරොත්තුවකුත් තියෙනව. ඒකට ඉස්සෙල්ලා මේක ලියන්න එපායැ නේද? :D ඒ වැඩේ පුංචි නාවිකයා කරල දෙන්න උනන්දුවෙන් ඉන්න බව කපිතාන් දන්නවා .කාලයක් තිස්සේ බොලොග් පොස්ටු කියව කියව හිටිය කපිතාන්ට ඒවට වචනයක් කියා ගන්න බැරුව හිටියේ අදින් පස්සේ කියවන බොලොග් පොස්ටුවලට කමන්ටියක් දාලා සහයෝගයක් දෙන්නත් බලාපොරෝත්තු වෙනවා. කපිතානගේ ලොග් පොත කියවලා ගුණ දොස් විවේචනයක් බලාපොරොත්තු වෙනවා. එකට මල් වගේම ගලුත් ගැහුවොත් තමයි හොද. (මල් වලට නම් මම කැමති නැහැ ගල් නම් හුන්ඩුවක් විතර තිබුනොත් ඇති හවසට)



- කපිතාන් -