Tuesday, December 20, 2016

කරත්තයේ ගමන ( හේල හෙලෙයි හෙලෙයියා 2 කොටස )

උදේ පාන්දර මට ඇහැරුනේ ගොනෙක් තපුල්ලන සද්දෙට ඒ වෙනකොට ආච්චි නැගිටලා මම නැගිටල එලියට එනකොට පාන්දරින්ම ආච්චි ලිප පත්තුකරල ගින්දර වැඩිවෙන්න බටේකින් ලිපට පිබිනව වතුර කේතලේ රත්කරන්න. මැව දැකපු ගමන් ආච්චි කියනව මුන හොදගේන ලැස්ති වෙයං කරත්තේ ඇවිත් කියෙන්නනේ කියල. මං ඒ පාර දුවනව ගේ දොරකඩ විල්සන් සීයගේ කරත්තේ ගේ දොරකොඩ නවත්තලා.

මහ මොල්ලිය තියෙන කළු ගොනා කරත්තේ බැදලා ඉන්නව. බෝන් ලීයට යටින් කරත්තේ හයිකට් ලාම්පුව එල්ලලා ඒක තාම පත්තු වෙනවා. දනිපනියෙ ලෑස්තිවෙලා ආච්චි කරත්තෙට නැග්ගෙ සිල්ගන්න ගෙනියන පොඩි පංපැදුරත් කිහිල්ලේ ගහගෙන මාත් ලැහැස්තිවෙලා කරත්තෙට නගිනවා කරත්තේ ඇන්දේ එල්ලිලා. කරත්තේ අමරාව හයිකරලා වැස්සොත් තෙමෙන්නේ නැතිවෙන්න. 

අපි කරත්තෙට නැගල යන්න හදන කොට ලොකු මාමා කියනවා මම එලිය වැටුනම බයිසිකලෙන් එන්නම් කියල එතකොට අචිචි කියනවා උඹ එනකොට පාං රාත්තල් දෙක තුනකුත් අරං වරෙං කියලා. විල්සන් සීයා කරත්තේ දක්කනව ජහ් මක් කියල ගොනා බෙල්ලේ බැදපු ගෙජ්ජි වැල හොල්ල හොල්ල ගමන ඉස්මන් කරනවා. පාරදිගේ ආපු කරත්තෙ රේල්පාර පන්නන කොට කරත්ත රෝද යකඩ උඩින් යනකො එන කට කටස් ගාල සද්දේ එනකොටම ආචිච් හතර ගාතේ දාලා වදිනවා පන්සල පැත්තට හැරිල. 

තාරදාපු පාරේ ගැලවිච්ච ගල් කරත්ත රෝදෙට අහුවෙලා කුඩු වෙන සද්දේ ටකස් ගාල ඇහෙනව එතකොට තවමත් එලිය වැටිලා නැති නිසා පාරදිගේ හයිකට් ලාම්පු එලිය යන්තමට වැටෙනවා. විල්සන් සීයා දකුණු අතින් බෝන් ලීය අල්ලන් හයියෙන් යනවා එයාගේ වේගෙට ගොනා යන්නේ නැති වුනාම සීය නැවතිලා යමං පුතා කියල ගොනාගේ පිට කොන්ද අතගානවා. ගොනා ටිකක් විතර වේගෙ වැඩි කරනවා. සීයා ආයිත් යනවා නවතිනවා. පිංකන්දෙ කන්ද නගිනකොට යාන්තම් එලිය වැටිල සීයා කරත්තේ ලාම්පුව නිවලා එතන ඉදං කරත්තෙට නගිනවා ගොනාට වගේම එයාටත් මහන්සියි. 

එතන ඉදං සීයා කරත්තෙ නැගලා බෝන් ලී දෙකට කකුල් දෙක ගහ ගෙන ගොනා දක්කනවා. ගොනාගේ වේගෙ අඩුවෙනකොට අතේ තියෙන කෙවිට මහ හයියෙන් උස්සල ගහන්න හදනවා එතකොට කැප්ටන්ට දුක හිතෙනවා. එ්ත් සීය ගොනාට කෝට්ටෙන් ගහන්නේ නැහැ මහ හයියෙන් ගහන්න කෙවිට ඉස්සුවට අත පහත් වෙනකොට වේගෙ අඩුකරලා කොටුව පිටේ තියලා එහාට මෙහාට කරනවා. සීයා කරත්තේ දක්කනවා කැප්ටන් බලං ඉන්නෙ අච්චිගෙ තුරුල්ලේ ඉදගෙන. 

ගොනාගේ වේගේ අඩු වෙන කොට විල්සන් සිය එයාගේ කකුල ගොනාගේ කකුල් දෙක අස්සෙන් දාල ගොනාට කිති කවනවා එතකොට ගොනා වේගේ වැඩිකරල යන්නේ හැටට හැටේ. එතකොට ගොනාගෙ ගේජ්ජි සද්දේ අහන් ඉන්න ආසයි. ඒ යන කොට අපේ ඉස්සරහට බඩු පටවපු කරත්ත කීපයක්ම මුන ගැහෙනවා. ඒ හැම කරත්ත කාරයෙක් එක්කම සීය කතා කරනවා. සමහර කරත්තවල කොප්පර පටවල තව සමහර කරත්තවල කුරුදු පටවල ඒ කාලේ කරත්ත කාරයො හැම කෙනෙක්ම එකිනෙකට අඳුනන බව එයාලගෙ කතාවෙන් තේරෙනවා.

පැය දෙකක විතර ගමනකින් පසසේ කැප්ටන් එන්නේ කැප්ටන්ගේ අම්මා තාත්තා ඉන්න ගෙදරට ඒ වෙනකොට එලිය වැටිල ගෙදර මිදුලේ ලොකු ගොරක ගහ යට කරත්තේ නවත්තන කොට මහ හයියෙන් ගොනා තපුල්ලනව ඒ සද්දෙට අම්ම එලියට ඇවිත් බලන ගමන් අච්චිට කථා කරනව අම්ම පාන්දරින්ම ඇවිත් නේද? කියන ගමන් වතුර බාල්දියක් ගෙනත් විල්සන් සීයට දෙනව. සීයා වතුර බාල්දිය බිම තියලා සීයා කරත්තෙන් ගොනා නිදහස් කරනවා. ගොනා වතුර බාල්දියෙන් බාගයක් විතර බීලා. අපේ අම්මා දිහා බලනවා බොහෝම ස්තූතියි කියන්න වගේ. මාමට තේ එකක් හදල දීපන් ඒ ආච්චිගේ හඬ. වතුර රත්කරලා තියෙන්නේ කියන ගමන් අම්මා කුස්සියට යනවා. මම අම්මගෙ පස්සෙන් කුස්සියට ගිහින් ලිප ගාව ඇණ තියාගන්නවා පාන්දර සීතල නිසා.

දවල් වේගෙන එනකොට වත්තේ පොල් කඩන්න ලෑස්ති වෙනවා. පොල් ගස් නගින අයත් ඇවිත් ගස්වල පොල් කඩන්න පටන් ගන්නකොට ලොකු මාමත් බයිසිකලෙන් එනවා පොල් කඩන අය ගස්වලට නැගල පොල් කඩනකොට ලොකු මාමා කඩන පොල් ගනන් පොතක ලියනවා අපිටත් පුළුවන් විදියට වත්තෙ කඩන පොල් ගොරක ගහ යටට එකතු කරනවා දවල් වේගෙන  එද්දි ගොරක ගහ යට මහ පොල්ගොඩක් ගොඩ ගැහිලා. පොල් කඩන ඩැනි මාම හොද ගහකින් කඩපු වෑවරයක් කපලා දෙනවා. මට ඒක ඉවර වෙන්න බීගන්න බැහැ. කලින් දීපු පණිවිඩයට පොල් ගෙනියන්න කොප්පර මුඩුවෙ කරත්ත දෙකක් එනවා. 

ගොඩ ගහපු පොල් ගොඩ ලඟ දෙකට නැවෙන කරත්ත කාරයො පොල් ගනන් කර කර කකුල් දෙක අස්සෙන් පිටි පස්සට වීසි කරන කොට අනිත් කරත්ත කාරය ඒව උස්සල කරත්තෙට දානවා. පොල් ගැනල ඉවර වුනාට පස්සේ ඉතුරු පොල් වලින් කොටසක් විල්සන් සීයගේ කරත්තේට පටවනවා ආච්චි වත්තෙන් එකතු කරපු දර පොල්කොලත් කරත්තේ පිරෙන්න පටවනවා.

කැප්ටන් ලොග්පොත කියවන කොට හීං එකා කාලේ මතක ලොග් පොත අස්සෙන් පේනකොට ආයිත් පුංචි කාලෙට යන්නේ හිතටත් හොරා ඒ මතකය හරිම සුන්දරයි. දැන් ඉතින් කොයින්ද කරත්ත. ඒව දැන් අභාවෙට ගිහින් ලොකේ දියුණු වෙන කොට සොබා දහමත් එක්ක තියුනු ඇයි හොදයිය දැන් නැහැ. ඒ සුන්දරත්වය ආයි විදින්න ලැබෙන්නෙත් නැහැ. 

ඒ ජීවන රටාවෙ කටුකත්වයක් තිබුනත් අතිතයේ විදපු දේ වල සුන්දරත්වය තාම හිත ඇතුලෙ සුන්දර ලෝකය තවම තියෙනවා. දැං එදා වගේ කරත්ත ඇත්තේ නැහැ. කැප්ටන්ගේ පුංචි කාලේ අපේ රටේ හුගක් ප්‍ර‍වාහන කටයුතු කලේ ගොන් කරත්තවලින් ඒවට නිදුසුන් තව මත් රටේ තියෙනව අපේ රටේ පාරවල් වල පිහිටි මෙන්ම ඒ බව පේනව ගොනාට පහසු විදියට ගිහිපු පාරම තමයි අද වෙනකොට තාර දාල කාපටි දාල හදල තියෙන්නේ ඒකනේ මෙච්ච්ර වංගු ගොනා හැරි හැරි ගිහිපු ක්‍රමේටම පාරවළුත් තියෙනව කියල කැප්ටන්ට වෙලාවකට හිතෙනව. 

නගර උනත් බිහිවෙලා තියෙන්නේ ගොනාට කරත්තේ ඇදගෙන දවසකට යන්න පුළුන් දුරකට බව නගර අතර දුර අරගෙන බැළුවම පේනව සැතපුම් 28 ක් 30 ක් අතර දුරකින් තමයි. හැම ප්‍රධාන නග‍රයක් පිහිටල තියෙන්නේ. මගේ බොලොගය කියවන උදවියත් ගොං කරත්තෙක ගිහින් ඇති මයේ හිතේ. එහෙම මතකයක් තියෙනවනම්. ඒ මතකය ගැන වචනයක් කොටල කොමෙන්ටුවක් දැම්මට මයේ අමනාපයක් නෑ හොදේ.

      - කප්පිත්තා -


18 comments:

  1. තනි ගොනා බඳින එක බර බාගේ. ඇන්ජින් දෙක තියෙන එක බර කරිත්තේ.
    එතකොට බක්කි කරිත්තේ - මෑතක් වෙනකන් මාතර ඉස්ටේසම ළඟ තිබුන මතකයි. තාමත් තියෙනවද දන්නේ නෑ , තව.. රේස් තිරික්කලේ නම් bare bone කරත්තේ. සැහැල්ලුවට.
    කොහොමද මලේ ඇල් බෝඩ් හරකා කරිත්තේ පිටිපස්සේ බැඳන් යනකොට.
    ලෝං ට්‍රිප් යනකොටත් ඉස්පෙයා වීල් හරකත් පිටිපස්සේ බැඳන් තමයි යන්නේ.

    ReplyDelete
    Replies
    1. ලොකු පොඩි රෝද තියෙන ටැට්ටර් නිසා තමියි හැක්ටර් කරත්ත පාරෙන් අයින් වුනේ.දැං ගොං කරත්ත දකින්නම නැහැ. ගාලු නගරෙත් තවම කරත්තයක් තියෙනවා කුලි අදින එකෙත් පරන ගතිය නැහැ දැං ඒකටත් ටයර් දාලා තියෙන්නේ.......

      Delete
  2. හරිම රසවත් ලියවිල්ලක්. කැපා....මේ අමරාව කියලා ටයිප් වෙලා තියෙන්නේ වැරදීමකින්ද. මේක අඹරාවද. මමත් බර බාගේක ගිහින් තියෙනවා. ඒකත් පොල්වලට සම්බන්දයි.

    ඒ කාලේ දෙල්කඳ පොලට මැටි වලං ගෙනාවෙත් බර බාගවල. පොල් වෙලෙන්දෝ ඔක්කොම ආවේ කරත්ත වලින්. දවසකට දෙකකට කලින් එනවා. උයා පිහා ගන්නෙත් හයිලෙවල් පාරේ අයිනෙම ඉඳන්. රෑට අඩියක් ගහගෙන හයියෙන් කවි කියන අයත් හිටියා. සතාට පුදුම ආදරයක් තිබුනේ. උන්ව අතගානවා, ඉඹිනවා. ඒ සම්බන්දය හරිම ලෙංගතුයි.

    ඕන නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. මගේ විශ්වාසේ හැටියට අමරාව තමයි වචනෙ.දෙල්කද පොල කොළඹට විශේෂයි නේද?හරි ජනපුිය පොලක් ඇ සින්දුවකුත් තියෙන්නේ කිරි අළුවා ගැන නේද? මගේ මතකකෙ හැටියට මෑතක්ක වන තුරුම දේල්කද පොලට ආපු කරත්ත මම දැකල තියෙනවා.ස්තූතියි මේපැත්තෙ ආවට..

      Delete
    2. අඹරාවHood
      අඹරාවCradle
      අඹරාවTilt
      අඹරාවCanopy
      අඹරාවRoof Of A Cart Or Boat
      අඹරාවRoof Of A Boat Or Cart

      http://www.lankadictionary.com/dictionary.php?from=si&to=th&q=%E0%B6%85%E0%B6%B9%E0%B6%BB%E0%B7%8F%E0%B7%80

      Delete
    3. අමරාව'
      අමරාව-Cab
      අමරාව-Roof Of A Boat Or Cart

      අඹරාව'
      අඹරාව-Hood
      අඹරාව-Cradle
      අඹරාව-Tilt
      අඹරාව-Canopy
      අඹරාව-Roof Of A Cart Or Boat
      අඹරාව-Roof Of A Boat Or Cart

      http://www.lankadictionary.com/dictionary.php?from=si&to=en&q=%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80
      ----------------------------------------------------------------------------------------------------------------------

      අමරාව . (s.) - (வண்டில்) கூடாரம் - hood of a cart
      amərāvə (වන්ඩිල් කූඩාරම්)

      http://www.trilingualdictionary.lk
      .................................................................
      ගූගල් - කියන විදිහ
      අඹරාව-Twisted
      අමරාව -Amara
      Roof Of A Cart Or Boat-ඒ කරත්ත නැත්නම් බෝට්ටු වහලය
      අඹරාව-Hood හුඩ්
      අඹරාව-Cradle- තොටිල්ල
      අඹරාව-Tilt- ඇල
      අඹරාව-Canopy -වියන්
      අඹරාව-Roof Of A Cart Or Boat- ඒ කරත්ත නැත්නම් බෝට්ටු වහලය
      අඹරාව -Roof Of A Boat Or Cart- ඒ බෝට්ටු නැත්නම් කරත්ත වහලක්
      -----------------------------------------------------------------
      අමරාව = අඹරාව
      ජනවහර-අමරාව
      අමරාව -අඹරාව මටත් ගැටළුවක් වුනා. දිපු ලින්ක් එකෙන් මම බැලුවා. එහි අමරාව - අඹරාව යන දෙකටම දෙන්නේ එකම තේරුමක් රාජ්‍ය භාෂා ශබ්දකෝශයේ අමරාවට තේරුමක් දුන්නත් අඹරාවට තේරුමක් ඉදිරිපත් නොවේ. වඩාත් නිවැරදි වන්නේ අඹරාවද-අමරාවද ?

      ස්තූතියි !

      Delete
    4. අනේ මන්දා කැපා... ඕන ටොෆියක් පනම් අටයි කියලා ඔහොම යං.

      Delete
    5. පනම් අටයි කියන්නේ ශත 48 ක් මයෙ හිතේ දැං ඒ ගානට ටොපි කන්න බෑ දැන් ටොපියක් පනම් 32 කට වැඩියි.පනමක් දකින්නත් ආසයි කවුරු හරි ලග පනමේ කාසියක් තියෙනවම් පින්තූරයක් එවන්න.ස්තුතියි...

      Delete
  3. ඉස්සර අනුරාධපුරේ අපි ඉස්කෝලේ යනකොට පොල් අතු කරත්ත නතර කරල තියනවා මතක් උනා

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරේ දි දකින කරත්ත කොරේ ඉදල එන ඒවද කියල ඒ කාලේ කල්පනා කරේ නැද්ද? ඒ කරත්ත කුරුනෑගලින් පොල් අතු පටවල යාපනේට,මඩකලපුවට ර්‍තිමලයට වෙනකම් පොල් අතු අරගෙන යනව ගොන් දෙන්න බැදපු කරත්ත පේලියක් පිටිපස්සේ අමතර එන්ජිම එල්ලගෙන නේද කරත්තේ පටවන පොල් අතු ලොඩ් කොහොමද කරත්ත කාරයගේ නිදාගන්න ඇද දැකල තියෙනවද? අර කර්තේත යට ගොනි පඩංගුව ගහල එකේ තමියි. නිදාගෙන යන්නේ. මම දැකල තියෙනව හබරනට මෙහා ශ්මාර ගොල්ලේ කන්ද මැදහරියෙ කරත්ත නවත්තල තියෙනව දැං මට හිතෙන්නේ කරත්තවල පොල් අතු බිස්නස් නැහැ.දැං පොල් අතු වහලවල් ඇත්තෙත් නැහැ.බරකරත්ත ඇ්තෙත් නැහැ.ඒව අතිතයට එකතු වෙලා.ස්තුතියි මෙපෙැත්තේ ආවට.

      Delete
  4. ඉස්සර කුරුණෑගලට කිට්ටු වෙන්න මීගමු පාරේ රෑට කරත්ත හත අටක් නතර කරලා තිබ්බා මට මතකයි. එවාගේ බැඳලා හිටියේ සුදු ලොකු හරක්. උන්ගෙ අන් දෙකත් විශාලයි. වෙලදාමෙ ගිහින් රෑ වුණාම නතරවෙන පිරිසක් කියලයි ඒ කාලේ අපේ සීයා කිව්වේ. ලන්තෑරුම් එහෙමත් තිබ්බා වගේ මතකයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුර ගමන් යන කරත්ත රෑට නවතින තැන් ප්‍ර‍ාන නගර අවට තියෙනවා.යටිතල පහසුකම් ලැබෙන තැන්වල කරත්තකරුවන් තමන්ගේ ගාල් පොල විදයට තෝරගන්නවා.අතීතයේ එහම තැන් පසුව මහ නගර බවට පත්වෙනවා.ගාල්ල නගරයත් එහෙමයි.ගාල්ල නම හැදුල තියෙන්නේත එහෙමයි. ගාල්+පොල ගාල්ල වෙලා තියෙන බව තමයි අපේ පැරැන්නො කියනනේ පැරනි පොත්වලත් එහෙම සටහන් මම දැකල තියෙනව.ස්තූතියි..දූමී මේපැත්තෙ ආවට

      Delete
  5. දැන් එතකොට මෙතනින් කරත්තෙක ගිහින් නැත්තෙ මම විතරද?

    හැක.... හැක....

    නියම පෝස්‍ටුව ජය බෝලී නාත් !!!

    ReplyDelete
    Replies
    1. රන්වන් මකරට කරත්තෙක යන්න නම් කාලාවතරනයක් කරන්න වෙයි මයෙ හිතේ.
      තාත්ගෙන් අහල බන්න.තාත්ත සමරවිට කරත්ත වල ගිහින් අැති.ස්තූතියි මේපැත්තෙ ආවට.....
      ජයවේවා.

      Delete
    2. මකරෝ. මාත් කරත්තෙක ගිහින් නෑ. පොඩි කාලේ දැකපු දෙයක් මේ.

      ජයවේවා!!!

      Delete
  6. අපේ ගෙදරත් බර කරත්තයක් තිබුණා. ඉස්සර කරත්තයක් ඇවිත් කඩේ ළඟ නවත්තල කරත්තෙ දක්කන මනුස්සය සුරුට්ටුවක් ගන්න කඩේට ගොඩවෙන අතරෙ කරත්තෙට නැගල දක්කාගෙන යන ජොලියක් මට තිබුණා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට කාට කාටත් පොඩි පොඩි ජොලි තිබිල තියෙනව.ස්තූතියි මේපැත්තේ අාවට.ජය ...........

      Delete