Monday, May 1, 2017

කළු බාප්පා සහ කළු වැස්සී



කප්පිත්තා හිං එකා සන්දියෙ ගං තුලාන මහ මගුලක් තිබ්චිච් දවසක වෙච්ච ඇබැද්ධියක් මතක් වූනා.උදේ පාන්දරින්ම ආච්චිත් එක්ක ලැස්තිවෙලා ගියා කියහංකො මගුල් ගෙදරක. දැං ඕන්න මගුල් ගෙදරට කප්පිත්තා යනකොට මහ පාන්දර මගුල් ගෙදර ඈයො මහ කඩි මුඩියෙ වැඩ මනමාලය පිරිසත් එක්ක මගුල් ගෙදරට සේන්දු වෙනකම්.කට්ටියක් පාරේ ගොක්කොල තොරනක් ගහනව. 

තව එකෙක් රතිඥාංඤා වැලක් ගහක එල්ලනව.මගුල් ගෙදර පිලිකන්නේ මහ පොල් අතු මඩුවක් ගහල ඒක ඇතුලෙ ලිප් තුන හතරක් බැදල කැම බිම උයනව.ගිනි රාමෙට වැඩ වයසක උන්දල විට කොටනව අබරං සිය කළු සුරුට්ටවක් අදිනව පලාතම දුංකොල ගද  පතුරවමින්.ගේ ඇතුලෙ  වියන් ඇදල ක්‍රේප්පටි ඇදල බැළුන් එල්ලල එක විලාසයක් කරල ගේ දොරකඩ මහ කොස් ගගේ ලවුස් පීකරයක් බැදල ලවු සිරිපාලය මහ සද්දේට සින්දු දානව.

මහ යකඩ තැටි පෙට්ටයකින් ගෑම් පොං තැටි තෝර තොර මැසිමට දානව පස්සේ ඉදිකටුව වගේ තියෙන තුඩ උස්සල තැටිය උඩින් තියනව කප්පිත්තට නම් ඒකාලෙ ඒව මැජික් වගේ මැසිම යටන් තියෙන හැඩල් එක කරකවල වයින් දාල දෙන්න කොල්ලො පොරකනව. ඒව කරල පුරුදු එවුන්ට ලවුවගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. පුරුදු කාරයො වගේ උන් ඒව කරනව.

කප්පිත්තා කට ඇරගෙන බලන් ඉන්නව මේකෙ කැරකෙනකොට කොහොමද සින්දු යන්නේ කියල.වැඩේ දන්න එකාට බලාගන්න දීල ලවු සිරිපාලය එලියට යනව තේ එකක් බොන්න නැත්තං බීඩියක් පත්තු කරගන්න.අන්න ඒ වෙලාවට වැඩෙ බාර දුන්න එකා වැඩ්ඩා වගේම එකේ ගුරාත් වෙනව දැන්නැති එවුන්ට මේක ගැන කියල දීල උපදෙස් පන්තියක් දාල මූ සුපිරිම වැඩ්ඩෙක් වෙනව.

එහෙම එහෙම තමයි මෙකෙ වැඩ්ඩො බිහිනේනෙ.මේ වගේ එවුන් නිසා ලවුසිරිපාලය වැඩේ අධික්ෂණය කරගෙන යනව විතරයි. වැඩේ නිකම්ම කෙරෙනව.වගේම වැඩේ ඉවර උනාම ගත මනාවත් ලැබෙනව.මේ වැඩ ගැන බලබල ඉන්න අතරෙ එලියෙ අහුන සද්දේට කපිප්පිත්ත වගේම අන්ත එවුනුත්  මගුල් ගෙදර මිදුලෙ ඉදගෙන පල්ලෙහා බලනව. 



මගුල් දවසෙ ඉස්සරින්ද අල්ලපු ගෙදර මැගි ආච්චිගෙ කළු වැස්සි පැටියෙක් දාල මගුල් ගෙදරට එන පාර අද්දරටම ආපු පැටිය පාර අයිනේම ලැගල ඉන්නව  පාන්දර ඉදගෙනම බැදල හිටිය වැස්සි කබේ කඩාගෙන පැටිය ඉන්න තැනට එනව මගුලට එන මිනිස්සු දැකල වැස්සි ටිකක් කුලප්පුවෙලා. ඌට හිතෙන්න ඇති මුන් අැවිත්තිෙයන්නේ පැටිය ගෙනියන්න කියල. 



පාරෙ කිට්ටුවකටවත් එන්න දෙන්නෙ නැතිව. වැස්සි අනින්න පනිනව පැටිය අයින් කරගන්න කටිටිය දන්න සිල්ප ඔක්කොම දැම්මත් වැස්සි නෙවේ. එවාව අහුවුනේ මැගි ආච්චි අැවිත් වැස්සිගෙ කඹෙන් අල්ලගන්න හදන කොටත් වැස්සි අචිච්ට අනින්න පනිනව වැස්සිව මේච්ච්ල් කරගන්න හපං එකෙක් ඒ වෙලාව එතන හිටයෙත් නැහැ ඒවනකොට මනමාලය එන වෙලාවත් හරියාගෙන එන වෙලාව. 

මනමාලය ආවොත් එයාට කන්ද නැගගෙන මගුල්ගෙදරට එන්න විදියක් නෑ කළු වැස්සි පාර මැද.ඔන් ඔය වෙලාවේ තමයි හයේ හතරරෙ සයිස් කළු බාප්ප එතනට එන්නේ.හැබැයි මිනිහ ඒවනකොට මගුල් ගෙදරට එන ගමන්. මිනිහ ඇවිත් මොකද බාන් මේ කල බලේ කියල අහන කොට බලපං මේ වැස්සි කුලප්පුවෙලා පැටිය අයින්කරගන්න විදියක් නැතව ඉන්නේ කියල මැගි ආච්චි කියපි කියන සුනංගුවෙන් ඇදං හිටපු නැෂණල් එක ගලවල එතන ගහක එල්ලපු කළු බාප්ප දකුණු කකුල පස්සට උස්සල ඇදං හිටපු වේට්ටිය පස්සෙන් උස්සල කෙටි කරල ගැටේ දාල වැස්සි පැටිය ඉන්න පැත්තට ගියේ මහ වීරය වගේ මේව මහ වැඩද පැටිය අයින් කරාම වැස්සි පසසේං එයි කියන ගමන්, 

මේ ගොංවස්ස එහෙම හිතුවට අනිත් එවුන් දැනගෙන හිටිය මිනිස්සු පැටිය ගනිවි කියන බයට වැස්සි කුලප්පු වෙලා ඉන්න බව ඔන්න ඒ වෙනකොට මගුල් කාරෙකත් මගුල් ගෙදරට ලඟා වුනා.මනමාලය කාරෙකෙන් බහින කොටම රතිංඥාවැල ගාව හිටිය එකා රතිංඥා වැලට ගිනි තිබ්බා. ඒ සද්දේට වැස්සි කුලප්පු වෙලා එ්වෙලේ කොහොමින් හිරි කළු බාප්පාත් වීරය වගේ දුවගෙන ගිහින් වැස්සි පැටිය උස්සල ගත්ත අත් දෙකට. අරගෙන පාරෙන් එහාට අරගෙන ගියා රතිංඥා සද්දේට කුලප් වෙච්ච් මැගි ආචිචි ගෙ කළු වැස්සි පස්ස් උඩ දාල දුවගෙන ගහින් ඇන්නේ නැද්ද කළු බාප්පගෙ පස්ප පැත්තට. 



ඒ පාරට කළු බාප්ප වැස්සි පැටියත් එක්ක කන්ද පහලට ගියේ උඩින් කන්ද පල්ලෙමේ වැටුන පාරට වැස්සි පැටිය කන්දේ ඇතටම පෙරලිල ගියා වැස්සිත් කන්දේ පහලට දුවගෙන ගියා. අපේ කළු බාප්පා නම් කතාවක් ඇත්තේම නෑ කෙදිරිය විතරයි. කටිටය වට වෙලා කළු බාප්ප අස්සගෙන ගිහින් මනමාලය ආපු කාරෙකට දාගෙන ඉප්පිරිතාලෙට අරන් ගියා. පස්සේ මාස ගානක් කළු බාප්පා ඇද උඩ හිටිය තෙල් පත්තු බැදගෙන.කැඩිච්චි අතපය හොද වෙනකන්.පස්සේ කාලේ මගුල් ගෙදර සින්එක මතක් කලාම කළු බාප්ප චූන් වෙලා කොල්ලන්ට හොද කුනු හබ්බ දේක තුනක් දෙසා බානව. මේ වාහෙ මැරෙනකම්ම කොල්ලො කුරුට්ටු ආතල්ගත්ත මේක මතක්කරල.................


17 comments:

  1. අම්මට සිරි, කප්පිත්ත ආයේ ඇවිල්ලා.
    අම්ම අප්ප දැක්ක වගේ සන්තෝසයි බං.
    උඹේ උඩින්ම දාපු පොටෝ කෑල්ල දැක්ක ගමන් මතක් උනේ අපේ පරණ EY ඒ තර්ටිය.

    ReplyDelete
    Replies
    1. //කප්පිත්තා අායි අැවිල්ලා//හැට්ටරෙයා් අැයි උඹ හිතුවද කප්පිත්තා මලා කියල...එ්ව හදේ.... බොලේ එවහංෙගා උබේ EY ඒ තර්ටිය පොටෝ කෑල්ලක් මට බලන්න.........................

      Delete
  2. Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට...........

      Delete
  3. ගන්න මගුල් දින වුණු දේ මෙහි ලීවා
    ඇන්න වැස්සි හින්දම කළබල වූවා
    දන්න නුඹේ බාප්පාව සිහි වූවා
    මෙන්න මමත් මේ පැත්තට දැන් ආවා.....

    දුකයි සතුටයි පිරි ලිපියක්. නැවේ කප්පිත්තයි රනවන් මකරයි අතර තියෙන සම්බන්ධය මොකද්ද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගැමි දිවිය කවදත් සුන්දරය
      මතකය ගෙන එන්නේ සතුටය
      ඔබ මෙහි පැමිනිම සතුටක් ගෙනේමය
      ඇතිවූ ගැටළුවට පිලිතුර අපි හොද මිතුරන්ය

      Delete
  4. කාල වරෙන් කීව

    ReplyDelete
    Replies
    1. ස්ථූතියි මද්දා මේපැත්තේ ආවට

      Delete
  5. අප්ෆා වෙච්ච දෙයක්

    ReplyDelete
  6. ඔන්න නැවට ොඩවුනා කපිතාන්

    ReplyDelete
  7. අඩේ අප්පා මේ වගේ සාරවත් තැනකට එන්න ලැබුනෙ අහම්බෙන්!

    ReplyDelete