Saturday, June 24, 2017

ගමේ නෙ! කොල්ලො නෙ!

පහුගිය කාලේ ඇති වුන ආපදා තත්වෙත් එක්ක සහන සේවා කටයුතු වල නියලෙන්න සිදු වූ බැවින් නැවේට පලකිරිමක් කරනු බැරි උනත් පුළුවන් වෙලාවට බොලොගිය පැත්තේ ඇවිත් යන්න අමතක කරේ නැහැ. ආපදා තත්වෙත් එක්ක වැඩ රාජකාරි නියලෙන කොට පරණ මිතුරෙක් හමු වුණා.අහඹු ලෙස,මිනිහ ගැන රසා කථා බොහොමයි මම අද කියන්න යන්නෙත් එයා ගැන.

මිනිහගෙ ගම ගාළු දිස්ත්‍රික්කේ ඉහලම කෙලවරේ දෙල්ලවට එහා මිනිහ නිතරම විහිළුවෙන් විනෝදෙන් හිටි පොරක් දැනට අවුරුදු 14 කට විතර ඉස්සර අපි දෙන්න වැඩ කලේ එකට ඒකාලේ දවසක් හවස් ජාමේ මං ගියා මිනිහගේ ගෙවල් පැත්තේ ආගිය තොරතුරු කථාකර කර ඉන්න ගමන් මිනිහ කියපි,

 මචං මට පන්සලේ ‍රැස්වීමකට යන්න තියෙනවා මම ගිහින් එනකං උඹ මෙහෙට වෙලා ඉදපං

පිස්සුද මංචං මම එහෙනං යන්නං කියල මම කියනකොටම මිනිහ කියපි. ඉදපං මම එනකං නැත්තං යමන් මාත් එක්ක පන්සලට කියල දේනන එක්ක පන්සල් ගියා. පන්ලට යනකොටත් ‍රැස්වීම පටන් අරගෙන අපි දෙන්න යනකොටම ‍රැස්වීමෙ හිටි අය අපිව දැකල හා හා එන්න එන්න  වාඩිවෙන කියල පුටු දෙකකුත් දීපි. ශන්න ඉතින් රුස්විම ගජ රාමෙට යනව මම ඔන්න ඔහේ බලාගෙන ඉන්නව ‍රැස්වීමෙ ඉන්න අය එක එක දේවල් ගැන කථා කරනවා ඇහුනත් මට ඒවගෙන් වැඩක් නැති නිසා මම මගේ පාඩුවෙ ඇතින් පේන කන්ද දිහා බලාගෙන හිටිය.

 ඔයින් මෙයින් රුසවීම යන අතරරේ ප්‍ර‍ජා ශාලවක අවශ්‍ය තාවය ගැනත් එක එක ඉල්ලිම් හා යෝජනා ඉදිරිපත් උනා.කොහොමින් හරි ප්‍ර‍ජා ශාලව හදන්න ඔන කරන බඩු මූට්ටු ගල් වැලි සිමෙන්ති වගේ දේවල් ගැන කථා බහ යන අතරේ ඒ බඩු මූට්ටු හොයාගන්න කොහෙමද කාගෙන්ද ඒව ලැබෙන්නේ කිය කිය පිරිස කථා කරණ අතරේ ගමේ ඉන්න යමක් කමක් තියෙන උන්දලාගේ නම් එක එක අය මතක් කලා අරක මේක ඉල්ලගන්න පුළුවන් ඒව දේවිය කියල හිතපු අයගේ නම් කියව කියව හිටියට එතන හිටපු කිසි කෙනෙක් තමන් මේ වැඩේට දෙන දෙයක් ගැන කියවුනේ නැහැ.අපේ යාළුවත් ප්‍ර‍ජා ශාලාව ඉදි කිරීම ගැන හරි හරියට කථාවට එකතු වෙලා  අදහස් ඉදිරපත් කරන අතරේ රුස්වීමෙ හිටපු වයසක ලොක්කෙකුට ඔලොක්කුවට වගේ කිප සැරයක්ම අපේ යාළුව වචන කිපයක් දැම්ම ලොක්ක ඒකට ටිකක් ඔරෝප්පුවෙන් වගේ හිටියෙ. වාඩිවෙල උන්න තැනින් මිනිහ එක පාරටම නැගිටල අපේ යාළුව දිහාට අත දික්කරල කියපි,
දැං ඔය කතා කරන අතරේ එක එක්කෙනා දෙන දෙයක් ගැන කිවුවනම් නරකෙයි,ඔය දංකැටි හේනෙ ගෙදරින් මේකට මොනවද දෙන්නේ කියල.
අපේ යාළුට කට උත්තර නැති ගානට වැටිල හැරිල මගේ දිහා බලන ගමන්
මොනවද බන් මම මේකට දෙන්නේ කියල මගෙන් අහපි.

මන් දන්නේ කොහොමද උඹලගේ ගමේ කෙරුවාවල් ගැන කිලය කියන කොට මුළු සභාවම අපේ දිහාට හාරිල බලන් ඉන්නව මම ගානක් නැතිව ඔන්න ඔහේ බලාගේන හිටිය මට මොකො මම මේ ගමේ එකෙක්ද කියල. දැන් යාළුව හොදටම අමාරුවේ විත්තිය මට තේරුන ඒත් මම මොනව කරන්නද  මෙකව බේරගන්නත් ඔන නිසා,
එහෙනං නැගිටල කියහන් රු 500/= විතර ලියාගන්න කියල. ඒ කාලේ 500ත් ලොකු ගානක්.

ඒ කියන කොටම මේක නැගිට්ට වීරය වගේ නැගිටල හතර වටේටම ඉන්න ඇයො දිහා බලාගෙන කියනව මෙන්න මේහෙම,
මමත් මේ ලබාගෙන හිටියෙ මේ වැඩේට තම තමන් ගෙන් දෙන්නේ මොනවද කියල කවුරුත් කියනකං මේ වැඩේ කර ගෙන යන එක මහ ලොකු වැඩක්ද  ඔන්න එහෙනම් ලේකම් මහත්තය ලියාගන්න මගේ ගානේ ප්‍රජා ශාලවෙ වහලට රට උළු කියල කියන කොට කලින් කථාකරපු ලොක්කා ආයිත් අහනව
ඔය දංකැටි හේනේ ගෙදරින් වහලට උළු කොච්චර දෙනවද?
ආ උළු කැට ගානද හරි ඒකට කොච්චර ඕන කරනවද කියල කිවුවනම්. ආ මේ සුසිරිපාල බාස් ගෙන් අහල බලමු කොච්ච්ර ඕනද කියල.ආ හරි ඕන ගානම බලල කියනව උළු 2000 උනත් කමක් නෑ. මගෙන් වහලට උළු දෙනවා ගනේ ප්‍ර‍ශ්ණ්‍යක් නෑ හරිද ආ තව ලියා ගන්නකෝ මගේ ගානෙ කොස් ගහකුත් ඒක දොර ජනෙල් වලට ගන්න බැරිය කියල වාඩි වෙනකොටම අර ලොක්ක කියපි

අර උඹ දෙනව කිවුව කොස් ගහ දෙනිය කුඹුරෙ මායිමේ ගහ නොවෙයිනෙ.

ඒකට උත්තරයක් යාළුව දුන්නේ නැති උනාට මට ඒ වෙලේ හිතුන මේක දෙනව කීවෙ ඒ ගහම වෙන්න ඇති කියල.

කොහොමින් කොහොම හරි වැඩේට එක එක් කෙනා දනෙ දේවල් ගැන කියල වාද විවාද ඉමර වෙන කොට ඇදිරිත් වැටිල දැන් ඉතිං මම යන්නේ කොහොමද කියල කල්පනා කර කර දේනාන එක්ක දංකැටි හේනට ආව හා දැන් ඉතිං මම යන්න ඕන කියන කොට,

දැං ඉතිං කොහේ යන්නද රෑට මේහේ ඉදල පලයං කියන ගමන් පහල ගෙර එකාට කෑගැව ලොකු මලයෝ උඩහට වරෙන් කියල පහල ගෙදර එකා කමීසෙත් කරේ දාගෙන උඩහට නගින කොට අපේ යාළුව ඌ එන ඉස්සරහට ගිහින් මොනවද කියල ඒකව හරවල ඇරියා. ගිහින් ඉක්කමනට වරෙන් කියල. එක් පුට් සයිකලේ නැගල පහලට යනව බලන් හිටපු විකුමපාලයකියනව වරෙන් දොලට ගිහින් නාගෙන එමු. කොහොමින් කොහොම හරි පට්ට හීතලේ ගිහින් දොල පීල්ලේන් නාගෙන ගෙදරට එනකොට ලොකු මලයත් පුස් සයිකලෙත් තල්ලුකරගේන කන්ද නගිනව.

 නාගෙන ආපු ගමන්ම හිතලේ යන්නත් එක්ක කොච්චි සම්බල් එක්ක මංඥොක්කා කට ගැස්මත් එක්ක හීනියට අඩියක් ගන කොට කන් අඩි රත්වෙලා හීතල කොහේ ගියාද කියා හොයා ගන්නත් නෑ. රාත්‍රීරියෙ බකත් එහෙම කාලා නිදාගන්න යන ගමන් මම වික්‍ර‍ම පාලගෙන් ඇහුව ඈබන් දැන් කොහොමෙයි උඹ අර දෙනවයි කිවුව උළු ටික දෙන්නේ. ඒතකොට ඹූ එකපාරටම බක බක ගාල හිනවෙලා කියනව.

ඒ බන් උළු දෙන්න ඔන අපේ ගමේ එවුන් ඔය හදනවැයි කිවුව මගුල හැදුවොත්නෙ.අපේ ගමේ එවුන්‍ කොහෙද බන් එකතුවෙල වැඩක් කෙරුවෙ අනික බලපන් උඔත් ඔතන ඔක අහගෙන හිටියනේ කියපන් ඔය මගුල හදන තැනක් කිවුද? නෑනේ.ප්‍ර‍ජා ශාලවක් හදන්න කොහේ හරි ඉඩමක් තියෙනන එපැයි.ඉස්සෙල්ල ඉඩමක් හොයාගන්න එපැයි ඉඩමත් හොයාගෙන ගේත් හදල වහලත් ගහල අන්තිමටනේ බං වහලට උළු ඕන.
එතකොට අර දේනවැයි කියපු කොස්ගහ ඇර දේනිය කුඹරෙ එකද මොකද එකත් හවුල්ද නැත්නං අවුල්ද?

හරිබන් එක්ත අවලක් තමයි අර ලොක්කා අපේ සියගෙ ල ඥාති කොස්ගහේ අයිතියක් ඒකටත් තියෙනවා.එක්ත එහෙම තමයි ඕකගේ ලෝබ කම නැති කරන්න තමයි මම එකත් දෙනවැයි කිවේ.කවදාවත් ලොක්ක ඒ කොස්ගහ මේවැඩේට දෙන්න කැමති නෑ බලපං එතකොට මං දෙන්න කැමතියි ලොක්ක කැමති නෑ. ගමේ උන් කියන්නේ අර බලපං වික්‍ර‍මපාලය හොද එකා ලොක්ක ලෝබයා කියල කොහොමත් ඌ අපිත් එක්ක එච්චර හිත හොද නෑ නිතරම අපට එක එක පාට් දාන්න උත්සාහ කරනව. කොහොම උනත් පහුවදා උදේ පාන්දරන් මම ගෙදර එන්න ආව. වික්‍ර‍ පාලයි මායි. එකට වැඩ කල කාලේ ඇතුලෙ දි හදනව කිවුව ප්‍ර‍ජා ශාලව හදපු බවක් ආරන්ච් උනෙත් නෑ.

මේදා පාර මම වික්‍ර‍ පාලය හමු උන වේලේ ඇහුවෙත් ඈබං අර උඹලගේ ප්‍ර‍ා ශාලව හදල ඉවරද කියල.

එදා වගේම මූ බක බක ගාල හිනා වෙලා කියපි කවද්ද බන් අපේ ගමේ එවුන් එකතු වෙලා වැඩක් කලේ කියල.

7 comments:

  1. තැනේ බලා පිලිතුරු දුන් කටකාර
    ගෙනේ හිනා මෙය බැලුවම සරුසාර
    දිනේ නැතිද ශාලා ඉදිවෙන පාර
    අනේ විකුම්පාලගෙනම් වැඩ මාර.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් දිරි දෙන්නේ අත නෑර
      කවි සිතුවිල්ල කවදතත් හරි සරු සාර
      දුමි ඔබේ කවි සිදුවිල් බර සාර
      සැමදා මිතුෙරක්ය ඹබ මට සංසාර

      Delete
  2. කාල වරෙන් අංකල් කීවලු

    ReplyDelete
  3. හුඟක් අය කටින් බතල හිටවන්න රුසියෝ...ඕක හැමතැනටම අදාලයි..හොඳට ආස හිතෙන්න ලියලා කැප්ටන්... ජය ඔබට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.අරු එකනේ අපි තාමත් එකතැන

      Delete
  4. අපි රටක් විදියට ආඩම්බර වෙන්න ඕන ;-)
    හැමදේකදිම අපි කටින් විතරයි . තේරුමක් ම නෑ .
    අදමයි මේ පැත්තට ගොඩ උනේ . විවේක වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්නකෝ
    snimalka.blogspot.com

    ReplyDelete