Saturday, June 24, 2017

ගමේ නෙ! කොල්ලො නෙ!

පහුගිය කාලේ ඇති වුන ආපදා තත්වෙත් එක්ක සහන සේවා කටයුතු වල නියලෙන්න සිදු වූ බැවින් නැවේට පලකිරිමක් කරනු බැරි උනත් පුළුවන් වෙලාවට බොලොගිය පැත්තේ ඇවිත් යන්න අමතක කරේ නැහැ. ආපදා තත්වෙත් එක්ක වැඩ රාජකාරි නියලෙන කොට පරණ මිතුරෙක් හමු වුණා.අහඹු ලෙස,මිනිහ ගැන රසා කථා බොහොමයි මම අද කියන්න යන්නෙත් එයා ගැන.

මිනිහගෙ ගම ගාළු දිස්ත්‍රික්කේ ඉහලම කෙලවරේ දෙල්ලවට එහා මිනිහ නිතරම විහිළුවෙන් විනෝදෙන් හිටි පොරක් දැනට අවුරුදු 14 කට විතර ඉස්සර අපි දෙන්න වැඩ කලේ එකට ඒකාලේ දවසක් හවස් ජාමේ මං ගියා මිනිහගේ ගෙවල් පැත්තේ ආගිය තොරතුරු කථාකර කර ඉන්න ගමන් මිනිහ කියපි,

 මචං මට පන්සලේ ‍රැස්වීමකට යන්න තියෙනවා මම ගිහින් එනකං උඹ මෙහෙට වෙලා ඉදපං

පිස්සුද මංචං මම එහෙනං යන්නං කියල මම කියනකොටම මිනිහ කියපි. ඉදපං මම එනකං නැත්තං යමන් මාත් එක්ක පන්සලට කියල දේනන එක්ක පන්සල් ගියා. පන්ලට යනකොටත් ‍රැස්වීම පටන් අරගෙන අපි දෙන්න යනකොටම ‍රැස්වීමෙ හිටි අය අපිව දැකල හා හා එන්න එන්න  වාඩිවෙන කියල පුටු දෙකකුත් දීපි. ශන්න ඉතින් රුස්විම ගජ රාමෙට යනව මම ඔන්න ඔහේ බලාගෙන ඉන්නව ‍රැස්වීමෙ ඉන්න අය එක එක දේවල් ගැන කථා කරනවා ඇහුනත් මට ඒවගෙන් වැඩක් නැති නිසා මම මගේ පාඩුවෙ ඇතින් පේන කන්ද දිහා බලාගෙන හිටිය.

 ඔයින් මෙයින් රුසවීම යන අතරරේ ප්‍ර‍ජා ශාලවක අවශ්‍ය තාවය ගැනත් එක එක ඉල්ලිම් හා යෝජනා ඉදිරිපත් උනා.කොහොමින් හරි ප්‍ර‍ජා ශාලව හදන්න ඔන කරන බඩු මූට්ටු ගල් වැලි සිමෙන්ති වගේ දේවල් ගැන කථා බහ යන අතරේ ඒ බඩු මූට්ටු හොයාගන්න කොහෙමද කාගෙන්ද ඒව ලැබෙන්නේ කිය කිය පිරිස කථා කරණ අතරේ ගමේ ඉන්න යමක් කමක් තියෙන උන්දලාගේ නම් එක එක අය මතක් කලා අරක මේක ඉල්ලගන්න පුළුවන් ඒව දේවිය කියල හිතපු අයගේ නම් කියව කියව හිටියට එතන හිටපු කිසි කෙනෙක් තමන් මේ වැඩේට දෙන දෙයක් ගැන කියවුනේ නැහැ.අපේ යාළුවත් ප්‍ර‍ජා ශාලාව ඉදි කිරීම ගැන හරි හරියට කථාවට එකතු වෙලා  අදහස් ඉදිරපත් කරන අතරේ රුස්වීමෙ හිටපු වයසක ලොක්කෙකුට ඔලොක්කුවට වගේ කිප සැරයක්ම අපේ යාළුව වචන කිපයක් දැම්ම ලොක්ක ඒකට ටිකක් ඔරෝප්පුවෙන් වගේ හිටියෙ. වාඩිවෙල උන්න තැනින් මිනිහ එක පාරටම නැගිටල අපේ යාළුව දිහාට අත දික්කරල කියපි,
දැං ඔය කතා කරන අතරේ එක එක්කෙනා දෙන දෙයක් ගැන කිවුවනම් නරකෙයි,ඔය දංකැටි හේනෙ ගෙදරින් මේකට මොනවද දෙන්නේ කියල.
අපේ යාළුට කට උත්තර නැති ගානට වැටිල හැරිල මගේ දිහා බලන ගමන්
මොනවද බන් මම මේකට දෙන්නේ කියල මගෙන් අහපි.

මන් දන්නේ කොහොමද උඹලගේ ගමේ කෙරුවාවල් ගැන කිලය කියන කොට මුළු සභාවම අපේ දිහාට හාරිල බලන් ඉන්නව මම ගානක් නැතිව ඔන්න ඔහේ බලාගේන හිටිය මට මොකො මම මේ ගමේ එකෙක්ද කියල. දැන් යාළුව හොදටම අමාරුවේ විත්තිය මට තේරුන ඒත් මම මොනව කරන්නද  මෙකව බේරගන්නත් ඔන නිසා,
එහෙනං නැගිටල කියහන් රු 500/= විතර ලියාගන්න කියල. ඒ කාලේ 500ත් ලොකු ගානක්.

ඒ කියන කොටම මේක නැගිට්ට වීරය වගේ නැගිටල හතර වටේටම ඉන්න ඇයො දිහා බලාගෙන කියනව මෙන්න මේහෙම,
මමත් මේ ලබාගෙන හිටියෙ මේ වැඩේට තම තමන් ගෙන් දෙන්නේ මොනවද කියල කවුරුත් කියනකං මේ වැඩේ කර ගෙන යන එක මහ ලොකු වැඩක්ද  ඔන්න එහෙනම් ලේකම් මහත්තය ලියාගන්න මගේ ගානේ ප්‍රජා ශාලවෙ වහලට රට උළු කියල කියන කොට කලින් කථාකරපු ලොක්කා ආයිත් අහනව
ඔය දංකැටි හේනේ ගෙදරින් වහලට උළු කොච්චර දෙනවද?
ආ උළු කැට ගානද හරි ඒකට කොච්චර ඕන කරනවද කියල කිවුවනම්. ආ මේ සුසිරිපාල බාස් ගෙන් අහල බලමු කොච්ච්ර ඕනද කියල.ආ හරි ඕන ගානම බලල කියනව උළු 2000 උනත් කමක් නෑ. මගෙන් වහලට උළු දෙනවා ගනේ ප්‍ර‍ශ්ණ්‍යක් නෑ හරිද ආ තව ලියා ගන්නකෝ මගේ ගානෙ කොස් ගහකුත් ඒක දොර ජනෙල් වලට ගන්න බැරිය කියල වාඩි වෙනකොටම අර ලොක්ක කියපි

අර උඹ දෙනව කිවුව කොස් ගහ දෙනිය කුඹුරෙ මායිමේ ගහ නොවෙයිනෙ.

ඒකට උත්තරයක් යාළුව දුන්නේ නැති උනාට මට ඒ වෙලේ හිතුන මේක දෙනව කීවෙ ඒ ගහම වෙන්න ඇති කියල.

කොහොමින් කොහොම හරි වැඩේට එක එක් කෙනා දනෙ දේවල් ගැන කියල වාද විවාද ඉමර වෙන කොට ඇදිරිත් වැටිල දැන් ඉතිං මම යන්නේ කොහොමද කියල කල්පනා කර කර දේනාන එක්ක දංකැටි හේනට ආව හා දැන් ඉතිං මම යන්න ඕන කියන කොට,

දැං ඉතිං කොහේ යන්නද රෑට මේහේ ඉදල පලයං කියන ගමන් පහල ගෙර එකාට කෑගැව ලොකු මලයෝ උඩහට වරෙන් කියල පහල ගෙදර එකා කමීසෙත් කරේ දාගෙන උඩහට නගින කොට අපේ යාළුව ඌ එන ඉස්සරහට ගිහින් මොනවද කියල ඒකව හරවල ඇරියා. ගිහින් ඉක්කමනට වරෙන් කියල. එක් පුට් සයිකලේ නැගල පහලට යනව බලන් හිටපු විකුමපාලයකියනව වරෙන් දොලට ගිහින් නාගෙන එමු. කොහොමින් කොහොම හරි පට්ට හීතලේ ගිහින් දොල පීල්ලේන් නාගෙන ගෙදරට එනකොට ලොකු මලයත් පුස් සයිකලෙත් තල්ලුකරගේන කන්ද නගිනව.

 නාගෙන ආපු ගමන්ම හිතලේ යන්නත් එක්ක කොච්චි සම්බල් එක්ක මංඥොක්කා කට ගැස්මත් එක්ක හීනියට අඩියක් ගන කොට කන් අඩි රත්වෙලා හීතල කොහේ ගියාද කියා හොයා ගන්නත් නෑ. රාත්‍රීරියෙ බකත් එහෙම කාලා නිදාගන්න යන ගමන් මම වික්‍ර‍ම පාලගෙන් ඇහුව ඈබන් දැන් කොහොමෙයි උඹ අර දෙනවයි කිවුව උළු ටික දෙන්නේ. ඒතකොට ඹූ එකපාරටම බක බක ගාල හිනවෙලා කියනව.

ඒ බන් උළු දෙන්න ඔන අපේ ගමේ එවුන් ඔය හදනවැයි කිවුව මගුල හැදුවොත්නෙ.අපේ ගමේ එවුන්‍ කොහෙද බන් එකතුවෙල වැඩක් කෙරුවෙ අනික බලපන් උඔත් ඔතන ඔක අහගෙන හිටියනේ කියපන් ඔය මගුල හදන තැනක් කිවුද? නෑනේ.ප්‍ර‍ජා ශාලවක් හදන්න කොහේ හරි ඉඩමක් තියෙනන එපැයි.ඉස්සෙල්ල ඉඩමක් හොයාගන්න එපැයි ඉඩමත් හොයාගෙන ගේත් හදල වහලත් ගහල අන්තිමටනේ බං වහලට උළු ඕන.
එතකොට අර දේනවැයි කියපු කොස්ගහ ඇර දේනිය කුඹරෙ එකද මොකද එකත් හවුල්ද නැත්නං අවුල්ද?

හරිබන් එක්ත අවලක් තමයි අර ලොක්කා අපේ සියගෙ ල ඥාති කොස්ගහේ අයිතියක් ඒකටත් තියෙනවා.එක්ත එහෙම තමයි ඕකගේ ලෝබ කම නැති කරන්න තමයි මම එකත් දෙනවැයි කිවේ.කවදාවත් ලොක්ක ඒ කොස්ගහ මේවැඩේට දෙන්න කැමති නෑ බලපං එතකොට මං දෙන්න කැමතියි ලොක්ක කැමති නෑ. ගමේ උන් කියන්නේ අර බලපං වික්‍ර‍මපාලය හොද එකා ලොක්ක ලෝබයා කියල කොහොමත් ඌ අපිත් එක්ක එච්චර හිත හොද නෑ නිතරම අපට එක එක පාට් දාන්න උත්සාහ කරනව. කොහොම උනත් පහුවදා උදේ පාන්දරන් මම ගෙදර එන්න ආව. වික්‍ර‍ පාලයි මායි. එකට වැඩ කල කාලේ ඇතුලෙ දි හදනව කිවුව ප්‍ර‍ජා ශාලව හදපු බවක් ආරන්ච් උනෙත් නෑ.

මේදා පාර මම වික්‍ර‍ පාලය හමු උන වේලේ ඇහුවෙත් ඈබං අර උඹලගේ ප්‍ර‍ා ශාලව හදල ඉවරද කියල.

එදා වගේම මූ බක බක ගාල හිනා වෙලා කියපි කවද්ද බන් අපේ ගමේ එවුන් එකතු වෙලා වැඩක් කලේ කියල.

Monday, May 1, 2017

කළු බාප්පා සහ කළු වැස්සී



කප්පිත්තා හිං එකා සන්දියෙ ගං තුලාන මහ මගුලක් තිබ්චිච් දවසක වෙච්ච ඇබැද්ධියක් මතක් වූනා.උදේ පාන්දරින්ම ආච්චිත් එක්ක ලැස්තිවෙලා ගියා කියහංකො මගුල් ගෙදරක. දැං ඕන්න මගුල් ගෙදරට කප්පිත්තා යනකොට මහ පාන්දර මගුල් ගෙදර ඈයො මහ කඩි මුඩියෙ වැඩ මනමාලය පිරිසත් එක්ක මගුල් ගෙදරට සේන්දු වෙනකම්.කට්ටියක් පාරේ ගොක්කොල තොරනක් ගහනව. 

තව එකෙක් රතිඥාංඤා වැලක් ගහක එල්ලනව.මගුල් ගෙදර පිලිකන්නේ මහ පොල් අතු මඩුවක් ගහල ඒක ඇතුලෙ ලිප් තුන හතරක් බැදල කැම බිම උයනව.ගිනි රාමෙට වැඩ වයසක උන්දල විට කොටනව අබරං සිය කළු සුරුට්ටවක් අදිනව පලාතම දුංකොල ගද  පතුරවමින්.ගේ ඇතුලෙ  වියන් ඇදල ක්‍රේප්පටි ඇදල බැළුන් එල්ලල එක විලාසයක් කරල ගේ දොරකඩ මහ කොස් ගගේ ලවුස් පීකරයක් බැදල ලවු සිරිපාලය මහ සද්දේට සින්දු දානව.

මහ යකඩ තැටි පෙට්ටයකින් ගෑම් පොං තැටි තෝර තොර මැසිමට දානව පස්සේ ඉදිකටුව වගේ තියෙන තුඩ උස්සල තැටිය උඩින් තියනව කප්පිත්තට නම් ඒකාලෙ ඒව මැජික් වගේ මැසිම යටන් තියෙන හැඩල් එක කරකවල වයින් දාල දෙන්න කොල්ලො පොරකනව. ඒව කරල පුරුදු එවුන්ට ලවුවගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. පුරුදු කාරයො වගේ උන් ඒව කරනව.

කප්පිත්තා කට ඇරගෙන බලන් ඉන්නව මේකෙ කැරකෙනකොට කොහොමද සින්දු යන්නේ කියල.වැඩේ දන්න එකාට බලාගන්න දීල ලවු සිරිපාලය එලියට යනව තේ එකක් බොන්න නැත්තං බීඩියක් පත්තු කරගන්න.අන්න ඒ වෙලාවට වැඩෙ බාර දුන්න එකා වැඩ්ඩා වගේම එකේ ගුරාත් වෙනව දැන්නැති එවුන්ට මේක ගැන කියල දීල උපදෙස් පන්තියක් දාල මූ සුපිරිම වැඩ්ඩෙක් වෙනව.

එහෙම එහෙම තමයි මෙකෙ වැඩ්ඩො බිහිනේනෙ.මේ වගේ එවුන් නිසා ලවුසිරිපාලය වැඩේ අධික්ෂණය කරගෙන යනව විතරයි. වැඩේ නිකම්ම කෙරෙනව.වගේම වැඩේ ඉවර උනාම ගත මනාවත් ලැබෙනව.මේ වැඩ ගැන බලබල ඉන්න අතරෙ එලියෙ අහුන සද්දේට කපිප්පිත්ත වගේම අන්ත එවුනුත්  මගුල් ගෙදර මිදුලෙ ඉදගෙන පල්ලෙහා බලනව. 



මගුල් දවසෙ ඉස්සරින්ද අල්ලපු ගෙදර මැගි ආච්චිගෙ කළු වැස්සි පැටියෙක් දාල මගුල් ගෙදරට එන පාර අද්දරටම ආපු පැටිය පාර අයිනේම ලැගල ඉන්නව  පාන්දර ඉදගෙනම බැදල හිටිය වැස්සි කබේ කඩාගෙන පැටිය ඉන්න තැනට එනව මගුලට එන මිනිස්සු දැකල වැස්සි ටිකක් කුලප්පුවෙලා. ඌට හිතෙන්න ඇති මුන් අැවිත්තිෙයන්නේ පැටිය ගෙනියන්න කියල. 



පාරෙ කිට්ටුවකටවත් එන්න දෙන්නෙ නැතිව. වැස්සි අනින්න පනිනව පැටිය අයින් කරගන්න කටිටිය දන්න සිල්ප ඔක්කොම දැම්මත් වැස්සි නෙවේ. එවාව අහුවුනේ මැගි ආච්චි අැවිත් වැස්සිගෙ කඹෙන් අල්ලගන්න හදන කොටත් වැස්සි අචිච්ට අනින්න පනිනව වැස්සිව මේච්ච්ල් කරගන්න හපං එකෙක් ඒ වෙලාව එතන හිටයෙත් නැහැ ඒවනකොට මනමාලය එන වෙලාවත් හරියාගෙන එන වෙලාව. 

මනමාලය ආවොත් එයාට කන්ද නැගගෙන මගුල්ගෙදරට එන්න විදියක් නෑ කළු වැස්සි පාර මැද.ඔන් ඔය වෙලාවේ තමයි හයේ හතරරෙ සයිස් කළු බාප්ප එතනට එන්නේ.හැබැයි මිනිහ ඒවනකොට මගුල් ගෙදරට එන ගමන්. මිනිහ ඇවිත් මොකද බාන් මේ කල බලේ කියල අහන කොට බලපං මේ වැස්සි කුලප්පුවෙලා පැටිය අයින්කරගන්න විදියක් නැතව ඉන්නේ කියල මැගි ආච්චි කියපි කියන සුනංගුවෙන් ඇදං හිටපු නැෂණල් එක ගලවල එතන ගහක එල්ලපු කළු බාප්ප දකුණු කකුල පස්සට උස්සල ඇදං හිටපු වේට්ටිය පස්සෙන් උස්සල කෙටි කරල ගැටේ දාල වැස්සි පැටිය ඉන්න පැත්තට ගියේ මහ වීරය වගේ මේව මහ වැඩද පැටිය අයින් කරාම වැස්සි පසසේං එයි කියන ගමන්, 

මේ ගොංවස්ස එහෙම හිතුවට අනිත් එවුන් දැනගෙන හිටිය මිනිස්සු පැටිය ගනිවි කියන බයට වැස්සි කුලප්පු වෙලා ඉන්න බව ඔන්න ඒ වෙනකොට මගුල් කාරෙකත් මගුල් ගෙදරට ලඟා වුනා.මනමාලය කාරෙකෙන් බහින කොටම රතිංඥාවැල ගාව හිටිය එකා රතිංඥා වැලට ගිනි තිබ්බා. ඒ සද්දේට වැස්සි කුලප්පු වෙලා එ්වෙලේ කොහොමින් හිරි කළු බාප්පාත් වීරය වගේ දුවගෙන ගිහින් වැස්සි පැටිය උස්සල ගත්ත අත් දෙකට. අරගෙන පාරෙන් එහාට අරගෙන ගියා රතිංඥා සද්දේට කුලප් වෙච්ච් මැගි ආචිචි ගෙ කළු වැස්සි පස්ස් උඩ දාල දුවගෙන ගහින් ඇන්නේ නැද්ද කළු බාප්පගෙ පස්ප පැත්තට. 



ඒ පාරට කළු බාප්ප වැස්සි පැටියත් එක්ක කන්ද පහලට ගියේ උඩින් කන්ද පල්ලෙමේ වැටුන පාරට වැස්සි පැටිය කන්දේ ඇතටම පෙරලිල ගියා වැස්සිත් කන්දේ පහලට දුවගෙන ගියා. අපේ කළු බාප්පා නම් කතාවක් ඇත්තේම නෑ කෙදිරිය විතරයි. කටිටය වට වෙලා කළු බාප්ප අස්සගෙන ගිහින් මනමාලය ආපු කාරෙකට දාගෙන ඉප්පිරිතාලෙට අරන් ගියා. පස්සේ මාස ගානක් කළු බාප්පා ඇද උඩ හිටිය තෙල් පත්තු බැදගෙන.කැඩිච්චි අතපය හොද වෙනකන්.පස්සේ කාලේ මගුල් ගෙදර සින්එක මතක් කලාම කළු බාප්ප චූන් වෙලා කොල්ලන්ට හොද කුනු හබ්බ දේක තුනක් දෙසා බානව. මේ වාහෙ මැරෙනකම්ම කොල්ලො කුරුට්ටු ආතල්ගත්ත මේක මතක්කරල.................


Tuesday, April 11, 2017

වසකෑම විසකෑම සහ වඳ කෑම


පසුගිය කාල සීමාව පුරාවටම මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලවල මාතෘකා වෙලා තියෙන්නේ වසකෑම විසකෑම සහ ව කෑම ගැන මේ හැම දේකම වග කීම තියෙන්නේ අපේ අතේමයි.කූට වෙළෙන්‍‍දො උන්ගෙ වෙළාමෙ ලාබෙ වැඩි කරගන්න එක එක උපක්‍ර‍ම යොදනව උන්ට හොදක් නරකක් ගුණ අගුණ වලින් වැඩක් නැහැ උන්ට අවශ්‍ය ලාබෙ වැඩි කරගන්න විතරමයි.මෙක තේරුම් ගන්න බැරි අපේ උදවිය අතේ තියෙන සල්ලි දිල වසකෑම විසකෑම වගේම ව කෑමත් අරගෙන කනව වගේම තමන්ගෙ පුංචි එවුන්ටත් එව අරගෙන දෙනව නැත්නම් අර ගන්න සල්ල දෙනව පැසැල් යනකොට (පොකටි මනි) එක එක දේවල් අරගෙන කන්න. ඒ සල්ලි වලින් කරේ මොනවද ගත්තේ මොනවද කැවෙ මොනවද කියල පසු විපරමක් කරන්නේ කොයි අම්මද තාත්තද? නිකන් අතීතය ආවර්ජන කරල බලන්න කී දවසක් මේ වගේ පසු විපරමක් කරල තියෙන වද කියල.මට හිතෙන්නේ එහෙම කරනනේම නෑ වගේම තමයි.
ඒක තමයි මම කීවේ මේවට වග කියන්නෙ ඕන අපි මයි කියල. මේකට තමයි කියන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙනව කියල කියන්නේ. අපේ දරුවන් පාසැල් යනකොට වගේම වැඩිහිටි බාල මහළු කවුරු උනත් තමන්ගෙ නිවසින් එලියට යනකොට නිසි සැලසුමක් ඇතිව පිටවෙලා යනවනම්. අපි යන ගමන කල් තියාම සැලසුම් කරල ගමනට අවශ්‍ය කැම බිම අපට අවශ්‍ය ප්‍ර‍මානයට වසවිස නැතිව සකස්කර ගෙන යනවනම් අපට මේ කූට වෙළෙන්දොන්ගෙ සටකපට කම්වලට අහුවෙලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර ගන්නේ නැතිව අපිරිසිදු වසවිස සහිත ආහාර වලින් වැලකිලා එන්න පුළුවන්.

කූඨ අසමජ්ජාති අමන වෙළෙන්දො වගේම තවත් එවුන් උන්ගේ උදවුවෙන් සමාජයට වස විස කෑම වගේම වද බෙහෙත් මිශ්‍ර‍කරපු කැම වර්ග විකුනන බව යම් යම් අවස්ථාවල ප්‍ර‍චාරය වෙනව අපි දැකල තියෙනව. මේවයේ ඇති සත්‍ය අසත්‍ය තාවය ගැන අපට සහතිකයක් නැති වා වගේම මේවගේ දේවල් නොවුනා නොවෙනවා කියල සහතිකයක් ඇත්තෙත් නැහැ. අපේ ජිවිත  වටින්නේ අපට අපි නිවසින් බැහැර වෙනකොට දැරවන් පාසැල් යවන කොට අපි අපේ දෛනික රාකාරිවලට පිටව යනකොට කැම බිම ගන්න විශ්වාස වන්ත තැනක් හොයා ගන්න එක  කර ගන්න බැරිනම් අපි ගෙදරින් පිට ‍වෙකොට අපට අවශ්‍ය දේ ගෙදරින් ගෙන යෑම අපේ සරීර සෞඛ්‍යට යහපත් වෙන බව සිහියට ගත යුතු කාරනාවක්.

වසවිස වද කෑම විකුනනව කියල අපි කෑගැහුවට වැඩක් නෑ එව අපි දෛනිකව ගන්නව නම්. අපි අපේ උපරිම උත්සාහය දාලා කූට වෙළෙන්දොන්ගේ වස විස ආහාර නොගෙන හිටියනම් උන් අපට ඒව බලෙන් දෙන්නේ නැහැනේ.දරුවන්ට අවශ්‍ය දේ බැගයට දාල තිබ්බ නම් එයාට පොකට් මනි දෙන්න අවශ්‍ය නැහැ.දැං කල්පනා කරාවි අපේ තියෙන වැඩත් එක්ක කොහොමද මේව කරන්නේ කියල. නමුත් දැන් තියෙන තත්වෙත් එක්ක එහෙම කරන් වෙනව.පහුගිය කාලේ ත්‍ර‍ස්තයො අපේ රට වනසනකොට යස අගේට අපේ අම්මල තාත්තල පාසැලේ අරක්ෂාවට ඉදිරපත් වෙලා පාසැල් රැකගන්න කරපු කැපවිම අමතක නැතව ඇති. එහෙනම් අපි මේකටත් එහෙමම කැපවීමක් කරමු නේද? හිත ඇත්නම් පත කුඩාද දරුවන්ගේ අවශ්‍ය දේ ගමන් බෑගයට දමන්නන.පොකට් මනි සිමා කරන්න දිපු මනිය ගැනත් පසු විපරමක් කරන්න.ඉතුරු තියෙනවනම් ආපහු ඉල්ල ගන්න.දිපු දේට අමතරව ගත්ත ආහාර ගැන ඒව ලැබුනේ කොහොමද කියල හොයන්න.ඒක සැර වැරකරල හොයන්න බැහැ පොඩි ගොම් පාට් එකක් දාල ඒව එලියට ගනන් වැඩි හිටියො දැනගන්න  ඕන.නැත්නං මේ පොඩිහිටියො අපිව වටේ අරිනව හරිම ලේසියට.


ඉසසර නම් ඔය ඉස්කොල ගාව ආච්චි අම්මල වෙරළු අච්චාරු අඹ අච්චාරු වගේම එක එක දේවල් විකුනනව ඒ ඒ ආච්චි අම්මල දරුවන්ට වස විස නම් දුන්න බවත් මතකයක් අපට නැහැ ඒ වුනාට දැන් ඒ තත්වෙ වෙනස් වෙලා මොකාගෙ හරි රීරි මාංසෙ උරාබොන්න දත් විලිස්ස්ගේන බලං ඉන්න මහ සොන්නු හැම තැනම අපි අපේ ආක්ෂව බලා ගන්න වෙන බව

රට තොතට ගැන විපරමින් අවදියෙන් ඉන්න ඈයො දන්නව ඇති.


- නැවේ කප්පිත්තා -