අද අදේ පාන්දරම දවසේ රාජකාරියට අරඹන්න ගෙදරින්
පිටත් වෙලා පාර දිගේ බස් නැවතුමට
යද්දි කුණු ඇළෙන් ගොඩ වෙච්ච මහ තඩි ගල් ඉබ්බෙක් පාර
මාරුවෙනවා දැකලා ඌව කකුලෙන් තල්ලුකරල කාණුවට දැමමා. නැත්තං ඌට වෙන්නේ ස්වර්ගස්ථ වෙන්න.
ඉබ්බා ගැන මතකයත් එක්කම ලොග්පොතේ පිටු පෙරලන කොට කපිතාන්ට පුංචි මතකයක් අාවා කිරි
ඉබ්බෙක් ගැන (කිරි ඉබ්බො සුදුපාටයි) පරණ වෙච්ච ලොග් පොතේ කිරි ඉබ්බා ගැන වගේම
සනිඅයියා ගැනත් අාච්චිචිත් ලොකු මාමත් මතක් උනා. දැන් මේ තුන් කට්ටුවම මේ ලොකේ නැහැ.
සනි අයියා අපේ ලොකු අම්මා අරං හදාගත්ත කොල්ලා කියල
අාච්චි කියනව කපිතාන්ට ඇහිල තියෙනවා. කපිතාන් ටිකක් ලොකු වෙනකොට දැන ගත්තා ලොකු අම්මට
දරුවො නැති නිසා ඉපදිච්චි දවසෙම ඌව අම්මාගෙන් වෙන්කරල ගෙනාපු හැටි අම්මාගෙ කිරිත් නැතිව බොහොම
අමාරුවෙන් හදාගත්ත හැටි, ඌට පුංචිකාලේ ලෙඩ උනාම වෙච්චි කරදර ගැන මහා යාං හැල්ලක්
සනියාගේ අකල් මරණෙ දැනගත්තු ගමන් පොලොවෙ හැපි හැපි
කදුළු පෙරා ගෙන අඬන
ගමන් කපිතාන්ගේ අම්මා කියනවා අහගෙන හිටියෙ මහත් විස්සෝපෙන්. සනි අයියගෙ මරණෙ ආරන්චි වෙනකොට කපිතාන් යුධ බිමේ ඉදල මාස ගානකට පස්සෙ නිවාඩු ආපු දවසට පහුවදා තුනට
විතර.
මොකෝ මේකා අඩන්නේ කියාගෙන. මේකා මගේ පස්සෙන් යන්න දඟලනවා කියල ආච්චි කියන කොටම කමක් නෑ ඔන්න ඔහේ එක්ක පලයල්ලා පුංචි එකාගෙ ආසාවනේ ඕකා ඔය සනියත් එක්ක දඟලන්නනෙ යන්නේ ආච්චි තවත් මොන මොනවදෝ කිවුවත් පුංචි අම්මා මාව ලැස්තිකරා ආච්චිත් එක්ක ගමනට කපිතාන් හිච්චි එකානේ ඉලටිටික් දාපු ජංගි කොටේ අන්දල කමිස කැල්ලක් අන්දල පුයර ටිකකුත් මූණෙ අතුල්ලන ගමන් කීවේ ගියාට කමක් නෑ සනියත් එක්ක වක්කඩේ බහින්න යන්නේ එහෙම නෑ කියන ගමන්.
ගෙදරින් පිටත් වෙලා පාර පැනලා රේල් පාර දිගේ ගලඋඩ
විහාරෙ ගාවට අාපු අාච්චි පන්සල ගාව ගල් තලාවෙ වාඩි වෙලා හිටිය බස් එකක්
එනකම්. කැප්ටන් පාර දිහා බලාගෙන හිටයා ඉක්මනට බස්එකක් එනකම් ( දැන් කාලෙ වගේ විනාඩි
පහෙන් පහට බස් නෑ) පැයකට විතර පස්සේ ආපු බස් එකේ නැගල අාච්චි සීට් එකේ වාඩි වුනේ
මාවත් උකුලෙ තියාගෙන ඇල්පිටිය යන බස්එක වතුර කරත්තෙ වගේ හැම තැනම හොල්ට් ගානේ නවත්ත
නවත්ත අලුත්තලට යනකොට හොදට අව්ව වැටිල.
බස්එක නවත්තන කොට ලොකු තාත්තා පාරට ඇවිත් බැළුවා හරියට අපි එන බව දැනගෙන වගේ දැන්නම් කපිතාන්ට හිතෙන්නේ එ්ක කලින් සැලසුම්කල ගමන්
විත්තය අපි යන කොට ලොකු අම්මා කැකුළු හාල් බත්උයලා කොච්චි කොටල පොල් සම්බලකුත්
හදපු බව කුස්සිය පැත්තෙන් ආපු සුවදෙන් තේරුනා.(දැන් වගේ නෙමෙයි ඉස්සර ගමේ කුඹුරු වල වී කොටලා හදන හාල් වලින් බත් පිහන කොට හරි සුවදයි දැනුත් කටට කෙල උනනවා)
එයත් ආචිච වගේම පටකම්බායක් ඇදල මාල කූරු ගහල ලැස්තිවෙලා හිටිය ලොකු අම්මා බෙලෙක් පිගානකට ආච්චි හදාගෙන ආපු ඇඹුල් තියලුත් එක්ක බත් පතක් බෙදාගෙන ඇවිත් මට දීල බිම ඉහිරන්නේ නැතව කාපං කියල, කෑ ගෑවා සනියෝ කියලා. මේකා කොහෙද ඉදලා දුවගෙන ආවහම උඹ මල්ලිත් එක්ක ගෙට වෙලා ඉදහං මං ආච්චිත් එක්ක ගමනක් යනෝ කියලා දොට්ට බහින කොට ලොකු තාත්තත් සුදු සරමක් අත් දිග කමිසයක් ඇදලා පාරට වෙලා හිටයෙ පුස් සයිකලෙත් තියාගෙන අච්චි පස්සෙ ලැගෙජ් එකේ වාඩිකරන් ලොකු අම්මා ඉස්සරහ පොල්ලෙ වාඩි කරන් ලොකු තාත්තා බයිසිකලේ පැදං යනෝ කපිතන් බලාගෙන හිටියෙ පිලේ ඉදං.
දවල් වෙන කොට සනියත් එක්ක වක්කඩේ බැහැපු කැපිටන් සනිය අල්ලදෙන හොර උඩිඩො තිත්තයො බාල්දියෙ දාගෙන මහත් අසාවෙන් බල බල ඉන්නකොට සනි අයියා ඉබිබෙක් අල්ලං ආවේ මහ වීරයෙක්වගේ බාල්දියෙ හිටය තිත්තයො වක්කඩේට හලපු සනියා ඉබ්බාත් බාල්දියට දාගෙන ගෙදර ඇවිත් ඉබ්බගෙ සිරි නරඹ නරඹ ඉන්නකොට ලොකු අම්මා ගෙදර එන බව දැනගත්ත සනි අයියා ඉබ්බා බාල්දියට දාලා වඩු මඩුවේ හංගලා ගෙට දිවුවා මාත් ඒ පස්සෙන් වැටිල ගෙට දිව්වා. අපි දෙන්නා මඩ ගාගෙන ඉන්න විලාසෙ දැකපු ලොකු අම්මා තොට මං කිවවනේද පුංචි එකා එක්ක ගෙටවෙලා ඉදපං කියලා කියන ගමන් දීල ඇතෑරියා අතුල් පාරක් පිට මැද්දට. ගුටිය කාගෙන සනි අයියා පැනලා දිවුවා. ආයි අවේ පැය ගානකින් බඩ ගිනි උනාම හොරෙන් හොරෙන් පස්සෙ දොරෙන් ගෙට අපු සනි අයියා අම්මේ බඩගිනියි කියනකොට බෙදාගෙන කාපං කියලා කියනව කපිතන්ට ඇහුනා.
එදා හැන්දෑවෙ ලොකු අම්මත් ආච්චිත් ගිහිපු ගමන ගැන කරන කථා එහෙ මෙහෙ දුවන ගමන් කන වැකුනත් පස්සේ කාලෙකදි තේරුනා ඒ අය මගුල් තුලාවකට ගෙවල් දොරවල් බලන්න ගිහිපු බව, එදා රෑට අලුත්තල ඉදල උදේ යන්න කියල ලොකු තාත්තා ආච්චිට කියනවා ඇහුනා වෙලේ කපිතන්ට ඉහේ මලක් පිපුන වගේ වුනා, රෑවෙනකම් දගල දගල හිටපු සනිඅයියට දවල් අල්ගෙන ආපු ඉබ්බා මතක්වෙලා ඌව බලන්න ගියේ ඉටිපන්දම් කෑල්ලකුත් පත්තු කරන්, පත්තු කරන් ගිහිපු ඉටිපන්දම සනිය ඉබ්බගේ පිටේ ගහල ඌ එකත් එක්ක ඇවිදින හැටි බලාගෙන හිටියා. (ඒ කාලේ ගෙවල්වල පත්තුකරේ කුප්පි ලාම්පු පාරේ ලයිට් නැහැ අහල ගං හතකවත්.)
පාරෙ ගිහිපු වාහනයක් නවත්තන සද්දෙට කැප්ටන් දුවල ගියේ ගේ ඉස්සරහට ගේ ඉස්සරහ නවත්තල තිබුන වාහනේ පියදාස මාමගේ බව කැප්ටන් අඳුන ගන්නවා පියදාස මාම හිටියෙ අච්චිලගේ ගේ ඉස්සරහ ගෙදර එයා කුලීගමනක් ගිහින් එන ගමන් ඇන්ජිම රත්වෙලා ඒකට වතුර ගන්න එතන නවත්තලා තියෙන්නේ. හනිකට වතුර දාගත් පියදාස මාමා යන්න හදනකොට ආච්චිටත් ඒකෙ නැගිල යන්න පුළුවන් නේද කියල හනිකට මාවත් අරගෙන පියදාස මාමගේ ඩැට්සන් එකේ නැගගත්තෙ රෑට කන්නෙත් නැතිව. ඩැට්සන් එකේ ටික දුරක් එන කොට කපිතාන්ට නින්ද ගියා ආපු හැටියක් මතක නැහැ නැගිටින කොට පහුවදා උදේ.
දවස් දෙක තුනකට පස්සේ ලොකු අම්මා ආච්චි බලන්න ආපු වෙලේ දැන ගත්තා එදා රෑ ලොකු අම්මලගේ අල්ලපු ගෙදර පිදුරු මඩුව (දැන් ගම්වල පිදුරු මඩු නැති උනාට අතීතයේ හරක් හදන අය, ගොන් කරත්ත තියෙන උදවිය කුඹුරු කැපුනම මැඩුහන් වේලලා ලොකු මඩුවක එක් රැස් කොරනවා ගොන්නුන්ට කන්න දෙන්න) ගිනි අරගෙන අළුවෙලා කියලා වෙච්චි දේ දැන ගත්තත් ඊට ගොඩක් කාලෙකට පස්සේ සනි අයිය ආච්චිලගේ ගෙදර ආපු වෙලේ පිදුරු මඩුව අළුගොඩ යට ඉබ්බෙක්ගෙ කටුවක් තිබුන කියල සනි අයිය කිවුවෙ.වැල්ලේ රෑල්ල පාගන ගමන්.

- කපිතාන් -
කැප්ටන් අදයි මේ පැත්තට ආවේ............ අජිත් කුමාරගේ සින්ඩියෙනුයි පාර හොයා ගත්තේ....... අපේ සින්ඩියටත් දා ගත්තා..... ගිහින් බලන්න......
ReplyDeletehttp://kurutugegeepawra1.blogspot.com/
This comment has been removed by the author.
Deleteපැමිනීම සතුට දනවන කාරනයකි.මම ඒ පැත්තේ ඇවිත් යන්න එනවා අනිවාර්යයෙන්ම ස්තූතියි මිත්රයා
ReplyDelete-කපිතාන්-
පැමිනීම සතුට දනවන කාරනයකි.මම ඒ පැත්තේ ඇවිත් යන්න එනවා අනිවාර්යයෙන්ම ස්තූතියි මිත්රයා
ReplyDelete-කපිතාන්-
ඉබ්බට බඩු බනිස් උනා එහෙනම්...
ReplyDeleteඅපේ එහා ගෙදරත් උන්නා ඔය වගේ හදා ගත්තු කොල්ලෙක්...ඌ මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල්..මිනිහා ගෙදරින් යන්න ගිහින් පස්සෙ වතුරක ගිලිලා මැරුණා.
සනියා මැරුනෙත් වතුරෙ ගිලිලා ඒ ගැනත් කතාවක් ලිබන්නම් ජය
Delete-කපිතන්-
අයියෝ ඉබ්බා.
ReplyDeleteහික්.හික්
Deleteහදයා එකෙත් ඔහොම සීන් එකක් තිබ්බ.
Deleteමම හදයා බලල තියෙනවා.ඒත දැන් කතාව එච්චර මතක නැහැ.මතක් වෙචේච් වෙලේ නැවත බලන්න ඕන
Delete-කපිතන්-
කවුරැ හරි ඉබි කටුව ගෙනත් දාන්නැති...හික්..හික්..
ReplyDeleteමයෙ හිතේ ඉබ්බ ඉටිපන්දමත් ගහගෙන ඇවිදගෙන ගිහිල්ල පිදුරු මඩුව යටට යන්න ඇති. ඇයි පිදුරු මඩුවල යටින් ඉඩ තියෙනවනෙ.
Delete-කපිතන්-