ආමග කෙටියි....
යායුතු මග දුරයි..........
මතකය මගේ සිතේ .........
අමතක නොම නොවේ........
කුඳුලක් සැම දිනේ........
ජීවිතේ සැම දීනේ........
මතකය යලි ඇදේ..........
පුතු උඹ නැති ලොවේ.........
කුමටද ජීවිතේ........
මිය යන තෙක් මගේ........
හදවත ඉකි බිඳී.........
ගතවන හැම දිනේ..............
පතනෙමි සැම වෙලේ...........
නොලබන ලෙස මෙසේ.............
වියොවක් හැම බවේ..........
ආදරයෙන් එදා.........
සිටියත් සැම දෙනා.........
රැක ගන්නට එදා..........
මොකටද මට මෙදා.........
උඹ නැති ලොව සාදා........
ජීවිතේ කෙටි තමයි........
අපි යායුතු තමයි..........
මම තාමත් හඬයි........
අම්මා ඉකි බිඳීයි........
ඇගෙ දුක මම දනී.......
උඹ ඉපදුන දිනේ..........
මම මහ ගිනිගොඩේ.........
අම්මා තනියමයි..........
තාත්ත ලඟ නෑ පුතේ.......
එන විට පසු දිනේ......
උඹ කිරි උරමින් පුතේ.....
අම්මගේ උනුසුමේ......
උඹ හිටි හැටි පුතේ......
තාමත් මගෙ සිතේ.....
මැවි මැවි මට පෙනේ.......
ජීවිතේ අනියතයි...........
බුුදු හිමි දෙසු බනේ.......
තිබුනත් මගේ පුතේ........
ජීවිතේ එහෙම මයි.......
නැත වෙනසක් පුතේ.......
මතකය එහෙම මයි.......
නැති වුන ආදරේ.........
ආයිත් නොම ලැබේ.......
හැඬුවත් සැම දිනේ.....
පුතු නොම යලි ලැබේ.....
මතු සසරෙදි යලිත්......
හමුවෙන දිනකදී.......
මගේ දුක පවසලා........
සිත සනසනු පුතේ.......
අම්මා උඹ නැති ලොඹින්.....
හිටියත් සැම දා දුකේ........
ඇය සනසනු කෙසේ........
මා නම් නොම දනී.............
2004.12.26 දින පැමිනි උදම් රළ නිසා ජිවිතය අහිමි වු සියළු දෙනා මෙවන් කේදජනක වූ ඉරණමක් අත්නොවේවා !
මුහුද ගැලුවයි
ReplyDeleteදුකම පිරුණයි
වසර දොළහයි
තාම මතකයි....
ජයවේවා!!!
දුක් කම් කටොලු බොහොමයි.
ReplyDeleteබෙදාගත් නුඹ වැන්නවුන් අල්පයි....
ස්තූතිය් දුමී............
කොපමණ මිනිසුන් නැසුනාද ? සතුන් සිපාවුන් ගණන් නැති
ReplyDeleteබොහෝ හොඳ අය අපෙන් නොඑන්නටම වෙන්වී ගොසින්
තවත් සමහරුන් තම අදරැතියන් සොයමින් තවමත් වෙහෙසෙති
සොබා දහමේ අපුරුව?
නොපතන් කිසිවෙකුට මේ වැනි විපත්..
ජීවිතේ එහෙමයි ගෙවෙන හැටි මෙහෙමයි..
Deleteබොහෝ අයට අමතක වෙලාද කියලත් හිතෙනවා.
ReplyDeleteසත්තකින්ම එය එසෙමය.....
ReplyDeleteනැව් කප්පිත්තා හුග දවසකින් ලියල නැති ගානයි
ReplyDeleteආවට ස්තූතියි
ReplyDelete